Connect with us

පුවත්

එජාපය කියන්නේ සර්පයෝ ඉන්න හුඹහක්

Published

on

පසුගිය කාලය පුරා සජිත් ප්‍රේමදාස මහතාව පරාජය කිරීමට පිඹුරුපත් සැකසූ අය දැන් සමඟි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙලට තමන් එකඟ නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

ඇය මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වුණේ සජිත් ප්‍රේමදාසව පරාජය කිරීමේ අරමුණින් බව තමන් පාක්ෂිකයින්ට යළි මතක් කර දෙන බවයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියාසිටියාය.

සමඟියේ ජ්‍යෙෂ්ඨ පිරිස තමන්ගේ නයකයකයාගේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යනවා මිස තවත් නායකයෙක් දිහා බලාගෙන ඊට තමන්ගේ පක්ෂය එකතු කිරීමට උත්සහ කරන්නේ කුමකටද යන්න පැහැදිලි නැති බව ඇය පෙන්වා දුන්නාය.

එක්සත් ජාතික පක්ෂය යනු විෂ කුරු සර්පයන් ලැග සිටින හුඹහක් බවත් එම හුඹහට අත පොවන්න නොයන්න යැයි සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටින බවත් ඇය පැවැසුවාය.

මේ අතර සමඟි ජන බලවේගයේ සිට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වූ අය සජිත් ප්‍රේමදාස මහතාට නිකියූ දෙයක් නොමැති තත්ත්වයක් යළි ඔවුන්ව විශ්වාස කිරීමද ප්‍රශ්න සහගත බව ද ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවැසුවාය.

සජබය යනු කලු පැල්ලම් නොගෑවුණු අවංක මිනිසුන්ගේ පක්ෂයක් බවත් අරගල සමයේ ගෙවල් ගිනි තැබීමට ලක් වූ දූෂිත දේශපාලනඥයන්ට කෝටි ගණනින් වන්දි අරගෙන දුන් රනිල් වැනි අයෙකු සමග එකතු වන්නේ කෙසේදැයි ඇය වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියාය.

‘‘ මම හැමවෙලාවෙම කියන්නේ අපේ පක්ෂය ප්‍රතිසංවිධානය කරන්න පුළුවන්. මේ පක්ෂයේ දක්ෂයෝ හොඳටම ඉන්නවා. ඉන්න අයගේ දක්ෂතා හඳුනාගෙන ඔවුන්ව ඉස්සරහට ගන්න ඕනේ. මන්ත්‍රී ධූර තුනක් තියාගෙන ජනතා විමුක්ති පෙරමුණ අද ජනාධිපති ධූරයත් ලබාගත්තා නම් මන්ත්‍රී ධූර හතළිහක් තියාගෙන ඇයි අපිට ඒක කරන්න බැරි වුණේ. අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙන්න කිසිසේත්ම අවශ්‍ය නැහැ. අපේ නායකතුමාගේ වැඩපිළිවෙල තව අලුත් වෙනවා. එතුමා කියල තියෙනවා හුස්ම සහ සක්වල වැඩසටහන නැවත ආරම්භ කරනවා කියල. එතකොට නැවත මිනිසුන්ට මතක වෙයි විපක්ෂයේ ඉදන් එතුමා කොච්චර වැඩ කළාද කියන එක.මම නම් සජිත් සජිත් ප්‍රේමදාස මහත්මයට කියන්නේ එක්සත් ජාතික පක්ෂය කියන්නේ විෂ සර්පයෝ ඉන්න හුඹහක්. ඕකට නම් අපහු අතදාන්න එපා. පරිස්සම් වෙන්න.”

පුවත්

ගම්පහට පැය 12ක ජල කප්පාදුවක්

Published

on

By

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට එළැඹෙන සඳුදා දින (07) දින පැය 12ක ජල කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මගින් බෙදාහරිනු ලබන මාර්ගයන්හි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කිරීමට සිදුවන බවය.

ඒ අනුව එළැඹෙන සඳුදා දින පෙරවරු 8.30 සිට පස්වරු 8.30 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශයන්හී ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවද එම මණ්ඩලය මහජනතාවට දැනුම් දී තිබේ.

ජල සැපයුම අතිහිටුවන ප්‍රදේශ – පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ, කැලණිය, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසක්.

Continue Reading

පුවත්

RMV ලොක්කා ඇතුළු තිදෙනාට ඇප

Published

on

By

මෝටර් රථවාහන දෙපාර්තමෙන්තුවෙන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණී ජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ 40කට ආසන්න මුදලක් සන්තකයේ තබා ගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගර කර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය නියම කළාය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අතුරුදන්වූ ව්‍යාපාරිකයාගේ සිරුර කසළ වළකින් සොයා ගනී

Published

on

By

දින කිහිපයක් තිස්සේ අතුරුදන්වී ඇතැයි වාර්තා වූ, මාරවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ මළසිරුර වෙන්නප්පුව ප්‍රදේශයේ කසළ වළකින් සොයාගෙන තිබේ.

ව්‍යාපාරිකයා ඝාතනය කර ඇතැයි පොලිසිය සැකකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ මිතුරෙකු වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාරවිල, කටුනේරිය ප්‍රදේශයේ පදිංචි ශ්‍රීජිත් ජයෂන් නමැති 31 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා පසුගිය 30 වනදා සිට අතුරුදන් බවට වෙන්නප්පුව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී ඊයේ (03) පස්වරුවේ වෙන්නප්පුව ප්‍රදේශයේම ව්‍යාපාරිකයාගේ මිතුරෙකුගේ නිවසක තිබී ව්‍යාපාරිකයාගේ මෝටර් රථය හමුවී තිබුණි.

පසුව මිතුරාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වෙන්නප්පුව සිරිගම්පොල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක කසළ වළක තිබී අතුරුදන් ව්‍යාපාරිකයාගේ මළසිරුර සොයාගෙන ඇත.

පොලිසිය පැවසුවේ, ඉකුත් 30 වනදා රාත්‍රියේ ව්‍යාපාරිකයා, ඔහුගේ මිතුරන් 5 දෙනෙකු සමග මත්පැන් පානය කර ඇති අතර එහිදී ඇතිවූ බහින්බස්වීමකදී ව්‍යාපාරිකයාට පිහියකින් ඇන ඝාතනය කර කසළවළට දමා ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved