පුවත්

එජාප පුංචි මන්ත්‍රීවරුන් 1,137කගේ සාමාජිකත්වය අහෝසියි!

Published

on

එක්සත් ජාතික පක්ෂයෙන් පත්ව වෙනත් පක්ෂවලට සහය දැක්වූ පළාත් පාලන ආයතන සභිකයන් 1,137 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වූ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (21) සවස ඒකමතිකව තීන්දු කර තිබේ.

මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා 341 කට එක්සත් ජාතික පක්ෂයෙන් 2018 වර්ෂයේදී තේරී පත්වූ මන්ත්‍රීවරුන් පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අහෝසි කර ඇත.

එසේම මෙම පිරිස මේ වන විටත් වෙනත් පක්ෂ වලින් මෙවර පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා දී ඇති අය බවද පැවසේ.

Trending

Exit mobile version