එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයට හිටපු අමාත්‍යවරයකු වන රවි කරුණානායක මහතා පත් කිරීමට මේවන විට කටයුතු කරමින් ඇතැයි වාර්තා වේ.
එසේම දැනට පක්ෂ මහලේකම් ධුරය දරන පාලිත රංගේබණ්ඩාර මහතා පළාත් ආණ්ඩුකාර ධුරයකට පත් කිරීමට සැලුසුම් කර ඇති බවද පැවසේ.
ඉදිරි මැතිවරණ වසර ඉලක්ක කරගෙන එජාපය නව ජවයකින් ප්‍රතිසංවිධානය කිරීම සඳහා රවි කරුණානායක මහතාට වගකීම් ලබාදීමට සූදානම් වේ.
රංගේබණ්ඩාර මහතාට ආණ්ඩුකාර ධුරයට අමතරව පක්ෂයේ පූර්ණකාලීන නොවන තනතුරක්ද ලබා දෙනු ඇති බවත් මේ අතර වාර්තා වේ.