Connect with us

පුවත්

එජාප සම්මේලනය සැප්තැම්බර් 10 දා

Published

on

එක්සත් ජාතික පක්ෂයේ 77 වැනි සැමරුම සහ පක්ෂයේ මහා සම්මේලනය පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 10 දා සවස 2 ට කොළඹ ලේක්හවුස් මන්දිරය ඉදිරිපස පැවැත්වීමට පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ (17) තීරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි. 

රට පුරා සිටින එජාප ආධාරකරුවන්ගේ සහභාගිත්වයෙන් පක්ෂ සම්මේලනය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු කරන බවත්, පක්ෂයේ නව ව්‍යවස්ථාවට පක්ෂ සම්මේලනයේ අනුමැතිය ගැනීම එදින සිදු වන බවත් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්, පක්ෂයේ මහ‌ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 

පක්ෂ සම්මේලනය සංවිධානය කිරීම සඳහා 14 දෙනකුගෙන් සමන්විත පක්ෂ කළමනාකරණ කමිටුව කටයුතු කරන බවත්, සංවිධාන කමිටුවට තවත් අය එක් කරගන්නා බවත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. 

මැතිවරණ ව්‍යාපාරයකදී අනෙකුත් ඕනෑම කණ්ඩායමක් පක්ෂයට එක් කරගැනීමට හැකි වන සේ පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර ඇති බවද අරගලයේදී ජනතාව ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක සිදු කිරීමට එහිදී ප්‍රමුඛතාව දුන් බවද කී රංගේ බණ්ඩාර මහතා පක්ෂ සම්මේලනයත් සමඟ එක්සත් ජාතික පක්ෂය නව මුහුණුවරකින් ඉදිරියට ගමන් කරන බවද ප්‍රකාශ කළේය. 

රට මුහුණ පා ඇති අර්බුදයෙන් ගොඩ ගත හැකි එකම නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති ධුරයට පත් කරගත යුතු බව රංගේ බණ්ඩාර මහතා කීය. 

අනුර කුමාර දිසානායක මහතා කතා පැවැත්වීමට නම් සුදුසු පුද්ගලයකු බවත් අභියෝගය භාරගැනීමට අවස්ථාව ලත් මොහොතේ සජිත් ප්‍රේමදාස මහතා පැන ගිය බවත් සඳහන් කළේය. 

රජය රටට අහිතකර තීරණ ගන්නා බවට නාමල් රාජපක්ෂ මහතා චෝදනා නඟමින් රජයට අනතුරු හඟවා ඇති බව දන්නවාදැයි එහිදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රංගේ බණ්ඩාර මහතා පැවසුවේ ළාබාල ළමයින් කියන දේ තම පක්ෂය ගණන් නොගන්නා බවයි. 

ඔවුන් ඇතුළු රටේ සියලු ජනතාව බේරාගැනීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවත් ඒ මහතා අවධාරණය කළේය.

පුවත්

ජනපති ජර්මනියේ බර්ලින් නුවර නිල සංචාරයක

Published

on

By

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ජුනි 11 සිට 13 වැනි දින දක්වා ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

 මෙම සංචාරයේදී ජනාධිපති දිසානායක, ජර්මානු ජනාධිපතිවරයා, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති අතර, රජයේ ප්‍රමුඛතා මත පදනම් ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු සහයෝගීතාව සඳහා නව මාර්ග පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

 ජනාධිපති දිසානායක මහතා විසින් ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදයේ ප්‍රධානත්වය දරනු ලබන අතර, එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, පවතින ආයෝජන අවස්ථා, රටේ වර්ධන විභවය සහ දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගීමේ අවස්ථා පිළිබඳව අවධාරණය කරනු කරනු ඇත.

තවද, මෙම සංචාරයේදී ජනාධිපතිවරයා විසින් ජර්මනියේ සංචාරක හා සංචාරක කර්මාන්ත සංගම්වල නියෝජිතයන් හමුවනු ඇත.

 මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද සහභාගී වීමට නියමිතය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

Continue Reading

පුවත්

සිර දඬුවමට එරෙහිව මහින්දානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

Published

on

By

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000  සහ දාම් ලෑලි 11,000 ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන පනස් තුනකට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවේ වැරදිකරුකර වසර 20 ක සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත භාර දී ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ අල්ලස් කොමිසම විසින් ගොනුකළ ඉහත චෝදනාවලට වරදකරු කෙරුණු තමන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බරපතළ වැඩ සහිත වසර විස්සක සිර දඬුවම් හා දඩ මුදල් නියම කළ බවය.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඇතැම් කරුණු වැරදි ලෙස අර්ථකරණය කරමින් මෙම නඩු තීන්දුව ලබාදී ඇති බවත් ඔහු සඳහන් කළේය.

එසේම විත්තිය විසින් ඉදිරිපත් කළ ඇතැම් කාරණා නඩු තීන්දුව දීමේදී  මහාධිකරණ විනිසුරු මඩුල්ල සැලකිල්ලට ගෙන නොමැති බවත් එම අභියාචනයේ සඳහන් කර ඇත.

ඒ අනුව තමන්ට එරෙහිව පැනවූ එම දඬුවම නීතියට පටහැනි බව විත්තිකාර අභියාචක සඳහන් කර සිටි.

ඒ අනුව අදාල තීන්දුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Continue Reading

පුවත්

“ජනාධිපතිතුමනි එක පෑන් පහරින් මේක ඉවර කරන්න. අපි මාතරින් කට්ටඩියෝ බුක් කරලා තියෙන්නේ.” (වීඩියෝ)

Published

on

By

විදේශ රැකියා කාර්යාංශයේ කෝටි ගණන් මුදල් වංචා කරන බවට සිවිල් බුද්ධි පෙරමුණ චෝදනා කරයි.

මාධ්‍ය හමුවක් කැදවමින් එහි කැඳවුම්කරු  සංජය මහවත්ත මහතා ප්‍රකාශ කලේ ‘රනිල්ගේ ගෝලයෝ .. මනුෂගේ ගෝලයෝ.. විදේශ රැකියා කාර්ය අංශයේ කෝටි ගණන් මුදල් වංචා කල බවය.

එමෙන්ම සිදු වූ කෝටි ගණනක මූල්‍ය වංචා කෝප් කමිටු විසින් අල්ලස් දූෂණ විමර්ශන ඒකකටයත් යවා ඇති අතර  මේ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින් රැසක්ම තවමත් සේවයේ සිටින බවත් ඔවුන් චෝදනා කරයි.

වර්තමාන ආණ්ඩුව මෙම හොරු ගැන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද සිවිල් බුද්ධි පෙරමුණ මාධ්‍ය හමුවේ  පෙන්වා දෙයි.

එහි කැදවුම්කරු සංජය මහවත්ත මහතා,

“ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ඉදිරිපිට අපි විරෝධතා දැක්වූවා.. විදේශගත ශ්‍රමිකයන්ගේ මුදල්,තරුණ සහෝදරවරුන්ගේ මුදල් මංකොල්ල කාලා තියෙනවා.

කෝටි දෙසියකට වැඩිය වංචාවක් මේ සිදු කරල තියෙන බව කෝප් කමිටු වාර්තාවල තියෙනවා. පහුගිය ආණ්ඩුවේ හෙන් චයියෝ  ටික ඉවත් කරන්න.

රටේ ඒජන්සිකාරයන්ටත් රිදිලා තියෙනවා.
ජනාධිපතිතුමන්ට අපි කියනවා, ජනාධිපති තුමණි ඔබතුමාගේ පෑන් පහර එළියට දාන්න. පෑන් පහර ගහන්න විදේශ සේවා එකට. එහෙම නැත්තන් ඔබතුමාගේ ආණ්ඩුවට මිනීපෙට්ටියට පළමු ඇණය ගහන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉන්න සභාපතිවරයා.

මේතරම් මංකොල්ලා කාලා තියෙද්දි, මේ තරම් හොරකම් කරලා තියෙද්දි. මේ හොරු පන්නන්න ආපු ආණ්ඩුවට මේ මහ හොරුන්ව පන්නගන්න බැරිනම් මොකක්ද තියෙන කතාව?

අපි මාතර කට්ටඬියෝ බුක් කරලා තියෙන්නේ.. අපි දුම්මල ගහලා පන්නනවා.. අපි සිවිල් සංවිධාන දුම්මල වරම අතට ගන්නවා..

කොරියා යන තරුණයන්ගේ 50000 ක ගානේ ගහලා තියෙනවා.

කට්ටඩියෝ ටික දුම්මලත් අරගෙන මාතරින් එනවා..”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved