ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන වෙන්දේසියට ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ස්වර්ණ භූමි ජාතික ව්‍යාපාරයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා විසින් අල්ලස් කොමිසමට මෙම පැමිණිල්ල සිදුකර තිබේ.
වාහන ටෙන්ඩර් ක්‍රමයකට ලබාදී ඇති අතර තක්සේරු වටිනාකම ඉතාමත් පහළ අගයක ඇති බවට ඔහු චෝදනා කරයි.
මෙසේ ටෙන්ඩර්වල සක්සේරු වටිනාකම අඩුවෙන් යෙදීම හේතුවෙන් රථ වාහන සඳහා ලබා දී ඇති මුදල් ප්‍රමාණවත් නොවන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසයි. එමෙන්ම ඔහු පැවසුවේ නැවත පැවැත්වීමට නියමිත වාහන වෙන්දේසි නැවැත්වීමට ක්‍රියාකරන ලෙස ද ස්වර්ණ භූමි ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටින බවය.
කෙසේ වෙතත් මෙම වාහන වෙන්දේසිය පිළිබඳ සාවද්‍ය තොරතුරු හුවමාරු වීම පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය විසින් පසුගියදා නිවේදනයක් නිකුත් කර තිබිණි.
එම නිවේදනයේ සඳහන් පරිදි එහිදී රජයේ තක්සේරු වටිනාකම ඉක්මවා ඉහළම මිල ගණන් ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් අයදුම්කරුවන්ට වාහන අලෙවි කිරීමට කටයුතු කර ඇත. තවද, ඇතැම් වාහන සඳහා රජයේ තක්සේරුව ඉක්මවා මිල ගණන් ඉදිරිපත් නොවූ බැවින්, අලෙවි කරන ලද්දේ ඉදිරිපත් කරන ලද වාහන 26න් 17ක් පමණි. එසේ රජයේ තක්සේරු වටිනාකම ඉදිරිපත් නොවු වාහන අතරට වාහන 09ක් ඇතුළත්ය යන්න සමඟ එම වාහන පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඇතුළත් කර තිබේ.
සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
සබැඳි පුවත්