යෝජිත ඉන්දීය – ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුමෙහි (ETCA) 14 වන වටයේ සාකච්ඡා 2024 මාර්තු පළමුවන සතියේ පැවැත්වීමට සැලසුම් කර ඇත.
යෝජිත ඉන්දීය – ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුමෙහි වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට මෙම තොරතුරු ඉදිරිපත් කර තිබුණි.
13 වන වටයේ සාකච්ඡා 2024-01-08 දින සිට 10 දින දක්වා නවදිල්ලියේදී පවත්වනු ලැබුණු අතර, එහිදී, “භාණ්ඩ වෙළෙඳාම”, “පූර්විකාව, සාමාන්‍ය විධිවිධාන හා සාමාන්‍ය ව්‍යතිරේක”, “සේවා වෙළෙඳාම”, “ප්‍රභවස්ථාන රීති”, “රේගු පටිපාටිය හා වෙළෙඳාම පහසුකරණය”, “සනීපාරක්ෂාව හා ශාක සනීපාරක්ෂාව පිළිබඳ මිනුම්”, “වෙළෙඳාම සඳහා වන තාක්ෂණික බාධක”, “වෙළෙඳ විමසුම්” සහ “ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව” යන අනුකමිටු නවය විසින් සාකච්ඡා පවත්වා තිබුණි.
2024 පෙබරවාරි මස අග භාගයේදී ගැටුම් නිරාකරණය හා අවසන් විධිවිධාන පිළිබඳ අනුකමිටුව නවදිල්ලියේදී අදාළ පරිච්ඡේදය පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.