විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මධ්‍යම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස නව කාර්යාලයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ජනාධිපතිවරයා විසින් 2022 අතුරු අයවැය මගින් මෙය යෝජනා කර ඇත.
ඒ අනුව එතෙර සිටින මිලියන 3ක් පමණ වන ශ්‍රී ලාංකිකයින්ගේ දායකත්වය මෙරට සංවර්ධන කටයුතු සඳහා ලබාගැනීමට හැකිවන පරිදි යෝජිත “විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු සඳහා කාර්යාලය” ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවීමටත් එම කාර්යාලයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
(අද දෙරණ)