2019 වසරේ ජුලි මාසයේ බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවති තරඟයක් අතරතුර ඇතිවූ සිදුවීමක් වෙත මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
එදින එම තරඟයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි Mehidy Hasan Miraz දැවීයාමෙන් පසුව බංග්ලාදේශ ක්‍රීඩක Taijul Islam පිටියට පැමිණි අවස්ථාවේ ඔහු ආරක්ෂක ආවරණයක් (ball guard) පැළඳ නොපැමිණීම හේතුවෙන් නැවත ක්‍රීඩාගාරය දෙසට හැරී යයි.
කෙසේවෙතත් එම අවස්ථාවේදී ඔහුගේ අමතක වීමට හෝ ප්‍රමාද වී නැවත සීමා ඉර වෙත පැමිණීමට විරුද්ධව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිසිදු තැකීමක් හෝ නොකළ අතර එහිදී ඔහු නොදැවී පන්දුවට පහරදෙමින් ලකුණු 39ක් රැස්කරගත්තේය.
එම තරඟයේ වීරයා මැතිව්ස් වූ අතර ඔහු ලකුණු 87ක් රැස්කරගත් අතර එම තරඟාවලියේ ජයග්‍රහණය ද ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.
එම සිදුවීම දැක්වෙන වීඩියෝව පහතින් දැක්වේ.
මේ අතර ඊයේ පැවති තරඟයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස් එම තරඟය අතරතුර තමන් මුහුණදුන් සිදුවීම පිළිබඳව මෙසේ පැවසුවේය.
“බොහෝම කනගාටුදායකයි ඒ අවස්ථාවේදී බංග්ලාදේශ කණ්ඩායම ක්‍රීඩා කරපු විලාශය. Mankading හරි Obstructing the field නම් කමක් නෑ. මම විනාඩි 2 ඇතුළත ක්‍රීස් එකට ඇවිල්ලා. ක්‍රීස් එකේදී තමයි මගේ හෙල්මට් එක ගැලවුණේ. ඒක හොඳටම විනිසුරුවරු දැක්කා. මට තව තත්පර 5ක් තිබ්බා හෙල්මට් එක කැඩුනාට පස්සෙත්. ඉතින් මම හෙල්මට් එක පෙන්නුවාට පස්සේ ටික වෙලාවකින් කියනවා ඒගොල්ලෝ ඇපිල් කරා කියලා. ඉතින් මම ඇහුවා මගේ විනාඩි දෙක පැනලත් නෑ. මොකද මේ ඔක්කොම වීඩියෝ සාක්ෂි එක්ක තියෙනවා. ඊටපස්සේ විනිසුරු දැන් පුහුණුකරුවන්ට කියලා තියෙනවා එයාලට ආයෙත් පරීක්ෂා කරන්න තිබුණා කියලා. දෙයක් වුණාට පස්සේ වැඩක් නෑ. ඒ වෙලාවේ පරීක්ෂා කරන්න තමයි ඕන. මොකද තාක්ෂණය තියෙනවා විනිසුරුවරුන්ට බලන්න පුළුවන් ඒ වෙලාව. මට ඒක කියන්න වචනයක් නෑ. අවුරුදු 15කට මම දැකලා නෑ මෙච්චර පහත් තත්ත්වයකට වැටෙනවා කණ්ඩායමක් සහ ක්‍රීඩකයෙක්.”