පුවත්

එනවා. ගහනවා. යනවා.: මේක මහ භයංකර තත්ත්වයක්

Published

on

මේවනවිට රටේ නීතිය හා සාමය පිළිබඳව අද බරපතල ප්‍රශ්නයක් උද්ගත වී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායකවරයා,

“අපේ රටේ නීතිය හා සාමය පිළිබඳව අද බරපතල ප්‍රශ්නයක් උද්ගත වෙලා තියෙනවා. එනවා, ගහනවා, යනවා. හැමතැනකම ජන සමාජයේ ප්‍රචණ්ඩත්වය රජ වෙලා. මේක පිළිබඳව අපේ රටේ පොදු ජනතාවගේ මහ ලොකු භීතියක් තියෙනවා. ලොකු සැක සාංකාවක් තියෙනවා.

මම මේ කාරණාව දේශපාලනීකරණය කිරීමට කිසිසේත්ම උත්සාහ කරන්නේ නැහැ.

ජන සමාජයේ සුරක්ෂිතභාවය. ජන සමාජයේ සිටින පුරවැසියාගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම. පවතින රජයේ වගකීමක්. බරපතල ප්‍රශ්නයක් මේ ආරක්ෂක ප්‍රශ්නය. මොකක්ද ඔබතුමන්ලා ලබාදෙන විසඳුම? මේක දේශපාලනීකරණය කරන්න නෙවෙයි මම අහන්නේ.

අපි අපේ කොටස ඉෂ්ඨ කරනවා. සමාජය තුල නීතිය සාමය සුරක්ෂා කරමින්. ප්‍රචණ්ඩත්වය තුරන් කරන්නට අපිත් අපේ සහයෝගය දෙනවා.
නමුත් අද ජන සමාජයේ එනවා, ගහනවා, යනවා. පුදුම මිනීමැරුමක්නේ සිද්ද වෙන්නේ.

මේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව මොකක්ද වැඩපිළිවෙල. ඒක බරපතළ ප්‍රශ්නයක්. ඒ නිසා විශේෂයෙන්ම මම නම් බය වෙන්නේ නෑ මේ කාරණාව ගැන කතා කරන්න. මේ ගැන අපි කතාකරන්න ඕනේ. ඒක මේ රටේ පොදු ජනතාව මුහුණ දෙන ප්‍රශ්නයක්. මහජනතාවගේ ආරක්ෂාව තහවුරු වෙන්න ඕනේ. මේ රජයෙන් මම ඉල්ලීමක් කරනවා මහ ජනයාගේ ආරක්ෂාව පිළිබඳව දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්න ඕනේ.

මෙහෙම පුළුවන්ද රටකට ඉස්සරහට යන්න. සෘජුවම මේවා බලපානවනේ. සංචාරක ක්ශේත්‍රයට බලපානවා. ආයෝජන ක්ශේත්‍රයට බලපානවා. මේ සමාජයේ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වීම. එය ශක්තිමත්ව ක්‍රියාත්මක විය යුතුයි.

එනිසා මේ ප්‍රචණ්ඩත්වය බොහොම භයංකාර දෙයක්. මේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව මම විස්වාස කරනවා මේ 225 ම එක තැනක ඉන්නවා.  225 ඉඳලා වැඩක් නෑ. රජයත් තමන්ගේ රාජකාරිය ඉෂ්ඨ කරන්න ඕනෑ. ඒක පිළිබඳව ප්‍රබල විශේෂිත වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න ඕනේ.

කාරුණිකව මම ඉල්ලීමක් කරනවා. මෙහෙම යන්න බෑ රටකට. මේක බොහොම භයංකර තත්ත්වයක්. කරුණාකරලා ඒකට බොහොම තිරසර විසඳුමක් ලබා දෙන්න. අපි අපේ පැත්තෙන්  දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා නීතියත් සාමයක් මහජන ආරක්ෂාවත් තහවුරු කරන්න.”

Trending

Exit mobile version