පුවත්

එන බදාදායින් පසු මාස 5කට දුම්රියෙන් උතුරට ගිහින් හමාරයි!

Published

on

උතුරු මාර්ගයේ දුම්රිය පූර්ණ අලුත්වැඩියාවකට ලක් කරනු ලබන නිසා ලබන 4 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු කොළඹ සිට අනුරාධපුරයෙන් ඔබ්බට දුම්රිය ධාවනය මාස 5කට අත්හිටුවන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) වී.එස්. පොල්වත්තගේ මහතා කියයි.

පැයට කිලෝමීටර් 100ක වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි පරිදි ඉන්දීය ඉර්කොන් සමාගම විසින් අනුරාධපුරයේ සිට වවුනියාව දක්වා වන දුම්රිය මාර්ගය පූර්ණ අලුත්වැඩියාවට ලක්කිරීම මෙහි 1 අදියර යටතේ සිදු කරනු ලබන බවද ඔහු කියා සිටී.

ඉන් පසු වවුනියාව හා ඕමන්තේ අතර දුම්රිය මාර්ගයද මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගයද පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කරනු ලැබේ.

කෙසේවුවද, කොළඹ සිට අනුරාධපුරය දක්වා ගමන් ගන්නා සියලු දුම්රියන්ට සම්බන්ධීකරණ බස් රථ සේවා යොදවා ඇතැයි ද එම බස් රථවල වෙනම ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන යාපනය දක්වා ගමන් කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

කෙසේවෙතත් වවුනියාව හා යාපනය අතර යාල්රාණි දුම්රිය සේවයේ යොදවා ඇතැයිද ඔහු කීවේය.

Trending

Exit mobile version