මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා බන්ධනාගාර තුළම ස්ථාන 6ක් ස්ථාපිත කර ඇතැයි අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ සඳහන් කළේය.
‘1934 වසරින් පසුව පළමු වරට මානුෂීය අන්දමින් මෙරට බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. බන්ධනාගාරවල මේ වන විට 26000ක් පමණ සංඛ්‍යාවක් රඳවා සිටිනවා. ඉන් වැරදිකරුවන් වූ පුද්ගලයන් 8000ක් පමණ බන්ධනාගාරවල එලෙස ඉන්නවා.’ යැයි අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් පැවැසීය.
කෙසේවුවද, අදාළ පුවත වාර්තාවීමත් සමඟ මරණ දඬුවම නියමවූවන්ට නඩත්තු කිරීමට තවත් මුදල් වැයකිරීමට බන්ධනාගාර දෙපාර්තමේතුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මේවන විට සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක්ව තිබේ.
මූලාශ්‍රය – අරුණ