Connect with us

පුවත්

එල්ලේ ගහන්න ගිය සිසුන් දෙදෙනාගේ සිරුරු වගා ළි‍‍‍ඳකින් හමුවේ

Published

on

වව්නියාව පූවර්සන්කුලම් පොලිස් වසමේ පම්පමඩුව ප්‍රදේශයේ එල්ලේ තරඟයක් සඳහා පැමිණි සිසුන් දෙදෙනෙකු අද (17) සවස අනාරක්ෂිත වගා ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවට පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වව්නියාව මුස්ලිම් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අවුරුදු 14 සහ 15 වැනි වියෙහි පසුවූ සිසුන් දෙදෙනෙකු බවට අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.

මෙම සිසුන් දෙදෙනා පම්පමඩුව ප්‍රදේශයේ පිහිටි වව්නියාව විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති එල්ලේ තරගයක් සඳහා ගොස් ඇති අතර එම තරගයෙන් අනතුරුව මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

මෙම සිසුන් දෙදෙනා දක්නට නොමැතිවීමෙන් පසුව එහි සිටි සිසුන් එක්ව ඔවුන්ව සෙවීමේදී එම ක්‍රීඩාංගණය ආසන්නයේ පිහිටි අනාරක්ෂිත ජලය පිරුණු වගා ළිඳ තුල තිබී සිසුන් දෙදෙනාගේ මළසිරුරු සොයා ගැනීමට හැකිවී ඇති අතර අනතුරුව ඒපිළිබඳව පූවර්සන්කුලම් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලීසිය එම ස්ථානයට පැමිණ සිසුන් දෙදෙනාගේ මළසිරුරු ගොඩ ගෙන වව්නියාව මහරෝහල වෙතට රැගෙන ගොස් ඇත.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved