පුවත්

එස්.බී දිසානායක මාලිමාවට ?

Published

on

මාලිමාව මහ මැතිවරණයේදී ඡන්ද ලක්ෂ හැටපහක් ලබාගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි.

කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සaඳහන් කලේය.

ජනාධිපතිවරණය ජයගත් පක්ෂයට ඊළඟ මහ මැතිවරණයේදී වාසි අත්වන බව කී දිසානායක මහතා ඒ වාසිය මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ලැබෙනු ඇති බව සඳහන් කලේය.

ප්‍රධාන පක්ෂ එකට එක් වී මහ මැතිවරණයේදී තරග කළහොත් ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමට පුළුවන්කම තිබෙන බව එස්.බී දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කලේය.

අනුර කුමාරට මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටුවන දිශාවකට ගමන් කිරීමට හැකිවනු ඇති බවද එස්.බී දිසානායක මහතා පැවසුවේය.

Trending

Exit mobile version