පුවත්

එළඹෙන ජනාධිපතිවරණයේදී විශේෂ ඡන්ද පත්‍රිකාවක්

Published

on

එළඹෙන ජනාධිපතිවරණයේදී දෘෂ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් ‍විශේෂ ඡන්ද පත්‍රිකාවක් පළමු වරට නිකුත් කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා මේ බව සඳහන් කලේය.

එසේම එසේම ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මැතිවරණය ආශ්‍රිත වචන 320 ක නව සංඥා භාෂා වචන මාලාවක් හදුන්වා දුන් බවත් ආබාධ සහිත ප්‍රජාවගේ ප්‍රවේශ පහසුකම් ඇතුළු කටයුතු සදහා උපරිම පහසුකම් සැලසීම සදහා සැලසුම් කර ඇති බවත් ඒ මහතා පවසා සිටියේය.

මැතිවරණයේදී අනන්‍යතාව පැහැදිළිව තහවුරු කරගන්නා බැවින් තවදුරටත් ඇගිලි වර්ණ ගැන්වීම අනවශ්‍ය බවට මීට පෙර කාරක සභාව විසින් ලබාදී තිබූ නිර්දේශය පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙහිදී අනාවරණය කළේ ඇගිලි වර්ණ ගැන්වීම ඉවත් කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළද එය මෙම අවස්ථාවේ ක්‍රියාත්මක නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි.

Trending

Exit mobile version