Connect with us

පුවත්

එළවළුත් රටින්ගේන්න ඇමති නලින් පෙරට!; බිත්තර බස්සන්න දිලිත් සාකච්ඡාවක

Published

on

එළවළු මිල අහස උසට නැඟීම පිළිබඳව අදහස් දක්වමින් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පවසන්නේ, එළවළු ආනයනය කරන්නේ නම් කැරට්, බෝංචි, ලීක්ස් වැනි එළවළු කිලෝවක් රුපියල් 300 සිට රුපියල් 350 අතර මිලකට ජනතාවට ලබාදිය හැකි බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේද පවසා තිබේ.

“ආහාර ප්‍රතිපත්ති කමිටුව කැඳවන ලෙස මම ජනාධිපති ලේකම්වරයාට දන්වා කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවලින් අඩු මුදලට එළවළු ලබාදිය හැකිද යන්න විමසා සිටියා. මාසයක් හෝ මාස එකහමාරක් ඇතුළත එළවළු මිල අඩු කිරීමට ආහාර ප්‍රතිපත්ති කමිටුවේදී ඔවුන් එකඟ වී තිබෙනවා. එළවලු ආනයනය කළා නම් ලීක්ස්, කැරට්, බෝංචි කිලෝවක් රු. 300 සිට රු. 350 දක්වා මිලකට ලබාදිය හැකියි ”ඔහු පවසයි.

ආනයනික බිත්තර රුපියල් 35කට දෙන බව කියමින් මීට පෙර පම්පෝරි ගැසූ වෙළඳ ඇමතිවරයා මේවන විට ඉන්දියාවෙන් ගේන බිත්තර වැට්ට බද්දට හසුවූයේ යැයි කියමින් ඊයේ සිට බිත්තරයක මිල රුපියල් 8කින් වැඩි කිරීම සම්බන්ධයෙන් මේවන විට අමාත්‍යවරයාට සමාජ මාධ්‍ය තුළ බරපතල විවේචන එල්ලවෙමින් තිබේ.

වැට් බදු ඉහළ දැමීමෙන් පසු නව ටෙන්ඩර් යටතේ රාජ්‍ය වෙළෙඳ සංස්ථාව ඉන්දියාවෙන් බිත්තර ආනයනය කළ බවත්, වැට් බදු වැඩිවීම, අනෙකුත් බදු වැඩිවීම් සහ ප්‍රවාහන වියදම් සැළකිල්ලට ගනිමින් බිත්තර මිල මෙලෙස රුපියල් 08කින් ඉහළ දැමූ බවත් ඔහු වැඩිදුරත් බිත්තර මිල වැඩි කිරීම සාධාරණීය කරනය කර තිබිණි.

“දේශීය බිත්තර නිෂ්පාදනයෙන් මගින් රටේ බිත්තර සඳහා ඇති ඉල්ලුම සපුරාලීමට අපට හැකිද යන්න අපි සති දෙකක් තිස්සේ නිරීක්ෂණය කළා. ආනයනික බිත්තර සැපයුම නැවැත්වීමෙන් පසු වෙළෙඳපොළේ බිත්තර මිල යළිත් රුපියල් 52 සිට 55බ දක්වා ඉහළ ගොස් ඇති බව අපට නිරීක්ෂණය වුණා. ඒ නිසා මිල වැඩිවීම පාලනය කිරීම සඳහා නව ටෙන්ඩර් යටතේ බිත්තර ආනයනය කිරීමට රාජ්‍ය වෙළඳ සංස්ථාව තීරණය කළා,” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඔහු මෙසේ ජනතාව මත වැඩි ජීවන වියදමක් බර කරද්දී, එළඹෙන 27 වැනිදා ජාඇල පැවැත්වීමට නයමිත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති කරවීමේ අරමුණ ඇතිව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා කණ්ඩායම විසින් පවත්වනු ලබන පළමු ජන හමුවේ සංවිධායකයා ලෙස කටයුතු කරනු ලබන්නේ ද ඔහුවීම විශේෂිතය.

මේ අතර, සමස්ත ලංකා බිත්තර  සංගමයේ සභාපති සරත් රත්නායක හා මව්බිම ජනතා පක්ෂයේ නායක හා ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ සඳහා බිත්තර නිෂ්පාදකයින් පැමිණ ඇති අතර දිලිත් ජයවීර මහතා දේශීය නිෂ්පාදකයින් ආරක්ෂාකරගනිමින් ජනතාවට අඩුවෙන් බිත්තර ලබාදීමට ඇති හැකියාව එහිචී සාකච්ඡා කළ බව වාර්තා වේ. 

https://web.facebook.com/permalink.php?story_fbid=pfbid0Gqy7KY6J7xASh3ffArN6fvEy1jSwkcy4VLffhsZ1MwMKcGoUMLroXsEGW7rEGZERl&id=100087295668432

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved