දේශිය වෙළඳපොලේ උඩරට සහ පහතරට එළවළු මිල යළිත් ඉහළ ගොස් ඇති බව එලවළු ව්‍යාපාරිකයන් පවසා සිටී.
දිවයින පුරා පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එලවළු වගාවට දැඩි බලපැමක් එල්ල වු නිසා මේ දිනවල ඉල්ලුමට සරිලන සැපයුමක් ගොවීන්ට ලබාදීමට නොහැකි වීම හේතුවෙන් එළවළු මිල මෙසේ ඉහල ගොස් තිබේ.
දෛනික අලෙවිය සදහා එලවළු මිල දී ගැනීමට විශාල මුදලක් වැය වන බවත්, එම මුදලට සමගාමිව තමන්ට ලැබෙන ලාභ ප්‍රතිශතය ඉතාමත් අඩු බවයි එළවළු ව්‍යාපාරිකයන් පෙන්වාදෙයි.