Connect with us

පුවත්

එළවළු වගාවලට රක්ෂණයක් ?

Published

on

ඉදිරියේදී එළවළු වගාවන් සියල්ල රක්ෂණය කර එමගින් ගොවීන්ට වන්දි ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ, වන්දි ලබාදීමේ ක්‍රියාදාමයට එළවළු ඇතුළත්ව නොමැති බවය.

වගා හානි සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛනය ඉදිරියේදී සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පවසයි.

මේ අතර පසුගිය දිනවල පැවති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් සිදු වූ වගා හානි පිළිබඳ අද දිනය අවසන් වීමට පෙර දැනුම් දෙන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවට දැනුම් දෙයි.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා සඳහන් කළේ, මේ වන විටත් නිලධාරීන් ගොවිබිම් වෙත ගොස් හානි ඇස්තමේන්තුගත කිරීම ආරම්භ කර ඇති බවය.

පූර්ණ හානි වූ වගාබිම් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් ගෙවන බව රජය මීට පෙර පැවසීය.

සමස්ත වගා හානි සඳහා වන්දි ලබා දීමට රජය මේ වනවිට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1,000කි.

මේ අතර පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාවෙන් උඩරට එළවළු වගාබිම් රැසකට හානි සිදු විය.

ඒ තත්ත්වය තුළ මේ වනවිට වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ද ඉහළ ගොස් තිබේ.

පුවත්

දුම්රිය තාක්ෂණ ශිල්පීන් වැඩ වර්ජනයක

Published

on

By

අතිකාල ගැටලුවක් මුල්කරගනිමින් දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයින් අද (26) පෙරවරුවේ සිට සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව අද පෙරවරුවේ 7.00 සිට පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනෝජ් මහතා පැවසුවේය.

සිය ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඒ සඳහා විසඳුම් ලැබී නොමැති බව ඔහු සඳහන් කළේය.

Continue Reading

පුවත්

පොලීසියේ ලොක්කෝ 32කට ස්ථාන මාරු

Published

on

By

වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් නව දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 16 දෙනෙකු, ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිස් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත මෙම ස්ථාන මාරුවීම් හා පත්කිරීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මෙම ස්ථාන මාරුවීම්වලට අනුව මධ්‍යම අපරාධ විමර්ශනයේ කාර්යාංශයේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නිහාල් තල්දූව මහතා මොනරාගල දිසාව භාර නි‍යෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුවීම් ලබා තිබේ.

මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී සිදුකරන නියෝජ්‍ය පොලිස්පති ජේ.ආර්.ඩයස් මහතා එම තනතුරට අමතරව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිව තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා පත් කර ඇති බව සඳහන්ය.

නියෝජ්‍ය පොලිස්පතිරුන් ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරුන්ට අමතරව පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට සහ සහකාර පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබා ඇති පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

ස්ථානමාරු වීම් සහ පත්කිරීම් සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින්

Continue Reading

පුවත්

පොළොන්නරුවේ CTB – ප්‍රයිවට් බස් ගැටුමක්

Published

on

By

පොළොන්නරුව බස් නැවතුම්පලේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සේවකයින් සහ පෞද්ගලික බස් රථ සේවකයින් අතර ඇති වූ ගැටුමකින් ඩිපෝ කළමනාකාරවරයෙක් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මාතර සිට පොළොන්නරුව ඩිපෝවට පැමිණෙන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් අතරමගදී පෞද්ගලික පන්ති සඳහා සහභාගි වන සිසුන් හා සීසන් ලබාගත් පිරිස් නංවා ගැනීම හේතුවෙන් පෞද්ගලික බස්රථවලට මගීන් අඩුවීම හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇත.

මාතර සිට පැමිණෙන බස් රථයේ ඩිපෝ කළමනාකාරවරයාද සිට ඇති අතර එම බස් රථය පොළොන්නරුව ඩිපෝව ඉදිරිපිට හරස් කරමින් පෞද්ගලික බස් රථ රියදුරා ඩිපෝ කළමනාකාරවරයාට පහරදීමත් සමග ඩිපෝවේ සිටි නිලධාරීන් පිරිසක් ද බස්රථ රියදුරුට සහ කොන්දොස්තරයාට පහරදීම දීමෙන් මෙම ගැටුම දුරදිග ගොස් ඇති බවද පොලීසිය පවසයි.

තුවාල ලැබූවන් අතර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සේවකයින් තිදෙනෙකු සහ පෞද්ගලික බස් රථ සේවකයින් දෙදෙනෙකු වන බව සඳහන්ය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහ දුර ගමන් සේවා අතර ඩිපෝවේ බස් රථ 135කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය වන අතර පහරදීමට විරෝධය පළ කරමින් අද (26) දින බස් රථ වර්ජනයක්  සිදුකිරීමට කටයුතු කරන බව ඩිපෝවේ නිලධාරියකු මාධ්‍ය වෙත පැවසීය.

පොළොන්නරුව ඩිපෝවේ බස් රථ රැසක් මේ වනවිට ගාල්කර ප්‍රධාන ගේට්ටුව වසා සේවකයන්ගේ සහ බස් රථවල මෙන්ම දේපොළවල ආරක්ෂාව පොලීසිය විසින් තහවුරු කර තිබේ.

පොළොන්නරුව පොලිස් ස්ථානයේ නිලධාරීන් ආරක්ෂාව යොදවා ඇති අතර සිද්ධිය පිළිබඳ පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත පොළොන්නරුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved