Connect with us

පුවත්

“ඒ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවෙයි”

Published

on

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසයි.

ඇය මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිවුලපිටිය ආසන සමුළුවට ඊයේ (14) එක් වෙමිනි.

මහින්ද රාජපක්ෂ යනු කළු ගලක් මෙන් නොසෙල්වෙන නායකත්වයක් බවත් පක්ශයට සනත් නිශාන්ත නැති අඩුව මකන්නට හැකියාවක් තමාට තිබේනම් එය පක්ශය වෙනුවෙන් ලබා දෙන බවත් ප්‍රියංකා මහත්මිය පවසා සිටියාය.

සනත් නිශාන්ත මහතාගේ මතකයන් ආවර්ජනය කරමින් ඇය කියා සිටියේ සනත් නිශාන්ත මහින්දට රාජපක්ෂට කඩේ යන බව පවසමින් මඩ ගැසිමට මාධ්‍ය පෙළ ගැසි සිටි බවත් එලෙස මහින්ද රාජපක්ෂ මහතාට කඩේ යනවා ලෙස අහන්නට ලැබිම සනත් නිශාන්ත මහතාට සතුටට කරුණක් වු බවය.

තවද යහපාලන ආණ්ඩුව ජනතාවට එපා වු මෙහොතක පුත්තලම් දිස්ත්‍රික්කය තුළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බීජය වපුරවන්ට මූලිකත්වය සනත් නිශාන්ත මහතා විසින් ගත් බව ඇය මෙහිදි සිහිපත් කළාය.

”මගේ ඔලුව අතගාලා .මගේ පිටට තට්ටු කරලා මට කියනවා.මට පුලුවන් ඔයාට පුලුවන්ද.හැබැයි සනත් නිශාන්ත වගේ චරිතයක හෙවනැල්ලක් වෙන්නට මට දරාගැනිමේ ශක්තිය නොතිබුණා නම් කරන්නට බැහැ කියන එකයි මගේ විශ්වාසය.හැබැයි ඒ සියල්ල දරාගන්න එක කාන්තාවකට උතුම්වු ලක්ෂණය නම් මන් එ් සියල්ල දරා ගත්තා.කදුළු අස්සෙන් හිනා වුනානම් දුක අස්සෙන් හිනාවෙලා හිටියනම් වේදනාව දරාගෙන මේ චරිතයට ඉස්සරහට යන්නට උදව් වුන ගැහැණියක් තමයි මම .ඒ චරිතය නැති අඩුව පක්ෂයට යම් සේ දැනේද ඒ අඩුපාඩුව ඒ තරම් සාක්ශාත් කරන්න මට හැකියාවක් නැතිවෙයි…..නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් සනත් නිශාන්ත වෙනුවෙන් ඒ අඩුව අබ මල් රේණූවක් හරි මකන්නට හැකියාවක් මට තියෙනවනම් ඒ හයිය මම පක්ෂය වෙනුවෙන් දෙනවා.වනාතවිල්ලුවේ කෙළවරේ කොටි ගහනව කියන කොට පාන්දර දෙකයි…මම කිව්වෙ යනවනම් දෙන්නත් එක්කයන්…..එදා දෙන්නත් එක්ක යන්න එකඟවුණ ගමන එතුමා අද තනියම ගිහිල්ලා තියනවා….සමහර බිරින්දෑවරු දරුවෝ කුසේ දරා ගෙන මේ වේදනාව අපිට තිබුණා. ඒක අපි වින්දා.කාන්තාවෝ විදියට මේ දුක හොදට දැනුනා…මේ රටේ මේ තත්වය නැති කළානම් ඒ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවෙයි”

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved