Connect with us

පුවත්

ඔක්කොම ෆේ​ල් පාසලත්; 4 වසරේ ළමයි නිල් චිත්‍රපට බලන පාසලත් කුරුණෑගල

Published

on

සිසුන් 17දෙනකු සාමාන්‍ය පෙළට ඉදිරිපත් වී ඔවුන් සියලු දෙනාම විභාගය අසමත් පාසලක් කුරුණෑගල අධ්‍යාපන කලාපයේ ඇති බව වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියයි.

එමෙන්ම එම අධ්‍යාපන කලාපයේම සිසුන් සිවුදෙනකු විභාගයට ඉදිරිපත් වී ඔවුන් සියලු දෙනාම අසමත් වූ පාසලක් ද ඇතැයි ඔහු කියා සිටී.

කෙසේවුවද, අදාළ පාසල්වල නම් හෙළිකිරීම ඔහු ප්‍රතික්ෂේප කර තිබේ.

ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල මලිය⁣දේව බාලිකා විදුහලේ පසුගියදා පැවති කුරුණෑගල අධ්‍යාපන කලාපයේ විදුහල්පති ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමින්ය.

පහසුකම් සහිත කුරුණෑගල අධ්‍යාපන කලාපයේ පාසල් කීපයකම සිසුන් මෙලෙස විභාග අසමත් වී ඇති පසුබිමක මහව අධ්‍යාපන කලාපයේ වන අලි ගැවසෙන දුෂ්කර ප්‍රදේශයක පාසලක් වයඹ පළාතේ හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබාගෙන ඇති බවද හෙතෙම කීවේය.

ඔහු වැඩිදුරටත් එහිදී මෙසේද කීය.

“මේක වෙන්න බැරි දෙයක්. සිසුන් හැමදෙනාම අසමත් වෙන්නෙ කොහොමද? අනික කුරුණෑගල කලාපයේ පාසල්. මෙහෙම වුණා කියලා පාසල් වහල දාන්න දෙන්න බැහැ. විදුහල්පතිවරයා තමයි මේ සඳහා නායකත්වය දෙන්න ඕනෑ. මම ආණ්ඩුකාරවරයා ලෙස වයඹ වැඩ භාර ගනිද්දි සාමාන්‍ය පෙළ ලංකාවේ 8 වැනි තැනට තිබුණේ. නමුත් මේ වන විට වයඹ 4වන තැනට ඇවිත් තිබෙනවා.පාලකයෙක් දුර්වල උනොත් රටකට වගේම පාසලකටත් විනාශයක් සිදු වෙනවා. සහතික තිබුණාටම විදුහලක් කරන්න බෑ. කණ්ඩායම් හැඟීම, ඍජු තීරණ ගැනීම කියන මේ සියලුම අංශවලින් විදුහල්පතිවරයකු සන්නද්ධ වෙන්න ඕන.”

කුරුණෑගල පාසලක හතරෙ ළමයි නිල් චිත්‍රපට බලලා

මේ අතර කුරුණෑගල ප්‍රදේශයේ පාසලක 04 වැනි ශ්‍රේණියේ සිසුන් පිරිසක් ජංගම දුරකථන මඟින් නිල් චිත්‍රපට නරඹන බව පන්ති භාර ගුරුවරිය දැනගෙන ඒ බව දෙමාපියන්ට දන්වා ඇතත් ඔවුන් ගුරුවරියගේ ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් ද වාර්තා වී තිබේ.

මෙම පාසලේ 04 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුට නිල් චිත්‍රපට නාළිකාවක අන්තර්ජාල ලිපිනය හමුව ඇතැයි පැවසේ.

පසුව ඔහු නිවසේදී මාර්ගගත ක්‍රමය ඔස්සේ ජංගම දුරකථනය හරහා අධ්‍යාපන කටයුතුවල නිරත වන අවස්ථාවේදී පෙර කී අන්තර්ජාල ලිපිනය භාවිත කර ⁣නිවැසියන්ට හොරෙන් ඒවා නැරඹීමට පුරුදුව ඇත.

ඉන් ප්‍රමෝදයට පත් ඔහු ඒ පිළිබඳව පාසලේ මිතුරන් පිරිසකට දන්වා තිබූ අතර පසුව ඔවුන්ද නිවෙස් වලදී ජංගම දුරකථන ඔස්සේ නිල් චිත්‍රපට බලා ඇතැයි සඳහන්ය.

කෙසේවෙතත් මෙම සිසුන් මෙලෙස නිල් චිත්‍රපට බලන බව‌ට පන්ති භාර ගුරුවරිය විසින් දෙමාපියන් දැනුවත් කළද ඔවුන් විසින් එය ප්‍රතික්ෂේප කර ඇත.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved