ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) එම සමාගමේ ඉන්ධන පිරවුම්හල් කීපයක ඔක්ටේන් 100 පෙට්‍රල් අළෙවි කිරීම අද (2) පස්වරුවේ සිට ආරම්භ කරන බව එල්.අයි.ඕ.සී. පවසයි.
එම සමාගම පවසන්නේ, ඔක්ටේන් 100 පෙට්‍රල් අළෙවි කරන ලොව අටවැනි රට බවට ශ්‍රී ලංකාව පත්වන අතර එම පෙට්‍රල් ලීටරයක් රුපියල් 793 කට අළෙවි කරන බවය.
ඔක්ටේන් 100 පෙට්‍රල් නවීන වාහන සඳහා භාවිතයට වඩාත් සුදුසු බවත් මෙම ඉන්ධනය භාවිතා කිරීමෙන් සුමට ධාවනයක්, වැඩි කිලෝමීටර සංඛ්‍යාවක් සහ ඉහළ එන්ජින් ධාරිතාවක් ලබාගත හැකි බවත් LIOC සඳහන් කරයි.