Connect with us

පුවත්

ඔට්ටු හා සුරාබදු බදු බරපතල ලෙස අඩුවෙලා!

Published

on

ඉකුත් වසරේ (2024) ජනවාරි සිට මාර්තු මස දක්වා කාලය තුළදී ඔට්ටු හා සුරා බදු (Betting & Gaming Tax) වශයෙන් රුපියල් මිලියන 7,333ක් අය වූවද, මේ වසරේ (2025) එම කාලය තුළදී එම බද්දෙන් අයවී ඇත්තේ රුපියල් මිලියන 1,921ක් පමණක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තොරතුරු සඳහන් කරයි.

ඒ අනුව, ඉකුත් වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා එම බද්දෙන් ලද ආදායමට වඩා මේ වසරේ එම කාලය තුළදී ලද ආදායම රුපියල් මිලියන 5,412කින් අඩුවී තිබේ. 

කෙසේ නමුත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉකුත් වසරේ (2024) එම කාලය තුළ ලද සමස්ත බදු ආදායමට වඩා මේ වසරේ උපයාගෙන තිබෙන සමස්ත බදු ආදායම ඉහළ ගොස් ඇත.

ඉකුත් වසරේ එම කාලය තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 331,528ක බදු ආදායමක් උපයාගෙන ඇත. මේ වසරේ එම කාලය තුළදී උපයා ගන්නා ලද බදු ආදායම රුපියල් මිලියන 413,222ක් දක්වා ඉහළ නංවාගෙන තිබේ. 

මේ අනුව ඉකුත් වසරේ නියමිත කාලයට වඩා රුපියල් මිලියන 81,694 ක බදු ආදායමක් උපයාගෙන ඇත. මෙලෙස අදායම ඉහළ යාමට වැට් සහ ආදායම් බදු බලපා ඇතැයිද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.

ඉකුත් වසරේ අදාළ කාලය තුළදී රුපියල් මිලියන 115,227 ක් වැට් බදු වශයෙන් අයකරගෙන ඇත. මේ වසරේදී එය රුපියල් මිලියන 167,080 ක් දක්වා රුපියල් මිලියන 51,853 කින් ඉහළ ගොස් ඇත.

කෙසේ නමුත් බැංකු තැන්පතු ආදියෙන් අය කරන බදු (Withholding Tax (WHT)/AIT) ආදායම ඉකුත් වසරේ අදාළ කාලයට සාපේක්ෂව පහත වැටී ඇත. 

ඉකුත් වසරේ අදාළ කාලය තුළදී එම බද්ද වශයෙන් රුපියල් මිලියන 26,040 ක් උපයා ඇතත්, මේ වසරේදී එය රුපියල් මිලියන 23,259 ක් දක්වා අඩුවී තිබේ.

මූලාශ්‍රය – අරුණ

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved