පුවත්

ඔට්ටු හා සූදු බදු ඉහළට

Published

on

ඔට්ටු සහ සූදු බදු ඉහළ නැංවීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර ඇති එම ගැසට් පත්‍රයට අනුව ලාංකික පුරවැසියෙකුගෙන් සූදු ව්‍යාපාරික ස්ථානයකට ඇතුළු වීමේදී අයකළ ඇමරිකානු ඩොලර් 50ක මුදල ඉහළ දමා ඇත්තේ ඩොලර් 100 දක්වායි.

එසේම බුකී ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන සෑම තැනැත්තෙකුම එය ආරම්භ කළ දිනයේ සිට මසක් ඇතුළත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය.

තවද වාර්ෂිකව ගෙවිය යුතු ඔට්ටු සහ සූදු බදු මුදලද සංශෝධනය කිරීමට යෝජනා කර ඇති අතර අප්‍රේල් පළමුවනදා සිට ආරම්භ වන බුකී ව්‍යාපාර සඳහා අයකෙරෙන වාර්ෂික බදු මුදල රුපියල් මිලියන 05 දක්වා ඉහළ දමා තිබේ.

එමෙන්ම සජීවි රූපවාහිනි විකාශන පහසුකම් භාවිතාකරන අවස්ථාවක එම බදු මුදල් ප්‍රමාණය රුපියල් මිලියනයක් දක්වා ඉහළ දමා ඇති අතර මීට පෙර එම අගය පැවතියේ රුපියල් ලක්ෂ 06ක් ලෙසයි.

Trending

Exit mobile version