ඔන්ලයින් ක්‍රමය යටතේ ණය ලබාදීම සඳහා නීතිවිරෝධී සමාගම් 40කට වැඩි ප්‍රමාණයක් පිහිටුවමින් ක්‍රියාත්මක බව දූෂණ විරෝධී හඬ සංවිධානය කියා සිටියි.
එසේම, මේ සමාගම්වවලවාර්ශිකව ණය පොලී අනුපාතිකය 365%ක් වන බවද, ශ්‍රී ලංකා මහ බැංකුව හෝ පොලිස්පති හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් දක්වා නැති බවට ද ඔවුහු චෝදනා කරති.
එම සංවිධානය අද (23) මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිළිබඳව තොරතුරු හෙළි කළේය.
මේ මාධ්‍ය හමුවට එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ සහ එහි නියෝජිතයන් මෙන්ම ඔන්ලයින් කොල්ලයට ගොදුරුවූවන් කිහිපදෙනෙකුද සහභාගී වී සිටියහ.
මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ
“මෙවැනි නීති විරෝධී ආයතන පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඇතුළු මූල්‍ය මණ්ඩලය ඉඩ දී, නිහඬව සිටිමින් කුමක් කරන්නේදැයි ප්‍රශ්න කළේය. එමෙන්ම මෙම මූල්‍ය ජාවාරම්කාර ආයතනවල මැරයන් තමන්ට එල්ල කර තිබෙන තර්ජන පිළිබඳව මෙම වින්දිතයන් සෘජුවම පොලිස්පතිටත් රටේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථානවලටත් පැමිණිලි කර තිබුණද ඒ සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක කර නැති බව හෙළි කළේය. චීන ජාතිකයන් පවා මෙම මූල්‍ය ජාවාරම් ආයතන පිහිටුවාගෙන ඇති බවද හෙළි කළේය.”