Connect with us

පුවත්

ඔන්ලයින් ණය දෙන තැනක් වටලා චීන්නු 5ක් අල්ලයි

Published

on

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය  online ණය ලබාදෙන මධ්‍යස්ථානයක් වටලා චීන ජාතිකයින් පස්දෙනෙකු සහ එක් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 6 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කර ඇත.

අදාළ ආයතනය සතුව තිබූ පරිගණක අටක්, ලැප්ටොප් වර්ගයේ පරිගණක 13ක් සහ ජංගම දුරකථන 49ක් අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මාධ්‍ය වෙත නිරාවරණය කළේය.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකිරීමේදී මෙම ජාවාරම පිළිබඳ තොරතුරු හෙළි වී තිබේ.

මෙහිදී මාර්ගගත ක්‍රමයට ණය ලබා දීමේ දී, ණය ලබා ගන්නා පුද්ගලයාගේ ජංගම දුරකථනයෙහි ඇති පෞද්ගලික තොරතුරු OPT අංකයක් මඟින් ලබාගෙන සමාජයේ වෙනත් අයට ඇතැම් තොරතුරු පතුරුවන බවට තර්ජනය කරමින් අදාළ මුදල් ලබාගැනීමට කටයුතු කර ඇති බවට පොලීසියට තොරතුරු අනාවරණය වී ඇත.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පරිගණක අපරාධ දර්ශන කොට්ඨාසය මඟින් පවත්වනු ලබන අතර මේ සම්බන්ධව පැමිණිලි තිබේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන කොට්ඨාසයට ලබා දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

“විශ්වාසවන්ත නොවන ආයතන සමග මෙවැනි ගනුදෙනුවලට යොමුවන්න එපා…” යනුවෙන් ද පොලීසිය පවසයි.

අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි මහත්මිය අදහස් දක්වමින් පවසා සිටියේ, Star Vip Loan, Camel Ship Loan සහ Roser Loan යන ආයතනවලට අමතරව තවත් මෙවැනි වංචනික ලෙස ජනතාව රවටා ණය ලබාදෙන බව පවසා මාර්ගගත ක්‍රමයට පවත්වාගෙන යනු ලබන ආයතන කිහිපයක් ගැන තොරතුරු අනාවරණය වී ඇති බවය.

රු 5,000 සිට රු ලක්ෂ 2 දක්වා වූ පරාසය තුළ මොවුන් ණය ලබාදෙන බව ද පැවසු ඇය, ණය ගෙවීම අපහසු වූ විට ණය ලබාගත් පුද්ගලයාගේ පෞද්ගලික තොරතුරු සමාජයට මුදාහරින බව පවසමින් තර්ජනය කර ඇති බව ද කියා සිටියාය.

සබැඳි පුවත්
ඔන්ලයින් ණය දෙනතැන් 40ක්; වාර්ෂික පොලිය 360%යි: මහ බැංකුව නිහඬයි

ලංකාවෙන් ඔන්ලයින් ණය ගත්ත පවුලක්ම සියදිවි නසාගෙන

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved