පුවත්

ඔන්ලයින් ණය දෙන සෙට්එක පස්සේ CIDය පන්නන්න ගනියි!

Published

on

ඩිජිටල් හා මාර්ගගත ක්‍රමයට ණය ලබාදෙන ආයතන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මේ පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාරයන් කරමින් මෙරට පවත්වාගෙන යනු ලබන මාර්ගගත ක්‍රමයට ණය ලබාදෙන ආයතන සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති පැමිණිලිවලට අනුවය.

සංචාරක වීසා මත මෙරට රැඳී සිටින විදෙස් ජාතිකයන් විසින් එලෙස ණය දෙන ආයතන රැසක් පවත්වාගෙන යන බවත්, ඒවා කිසිදු නියාමනයකට ලක් නොවන බවත් මේවන විට හෙළිව තිබේ.

මේ අතර, සතිඅග අරුණ පුවත්පත වාර්තා කර ඇත්තේ මෙම ඩිජිටල් හා මාර්ගගත ක්‍රමයට ණය ලබාදෙන ආයතන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු මෙසේ පැවසූ බවයි.

‘‘මාර්ගගත ක්‍රම ඔස්සේ ණය ලබාදෙන ආයතන මගින් දියත් කරන ප්‍රචාරයන්ට රැවටී ජනතාව ණය ලබාගන්නවා. නමුත් එම ණය මුදල් සඳහා අධික පොලී අය කරනවා. උදාහරණයක් විදියට රුපියල් 15,000 ණය අරගෙන මුදලක් ගත් විට, එම ණය මුදල පියවීමේදී රුපියල් 8000ක පමණ පොලියක් අය කරනවා. එලෙස මාර්ගගත ක්‍රමයට ණය ලබාදෙන ආයතන හයක් පිළිබඳව ලැබී ඇති පැමිණිලි අනුව විමර්ශන සිදු කරනවා’’ 

මෙම ණය ලබාදෙන ආයතන පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ද පැමිණිලි රාශියක් මේ වනවිට ලැබී ඇතැයි වාර්තා වේ.

Trending

Exit mobile version