මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් පෙත්සමක් ගොනු කර තිබේ.
සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා, සජබ සාමාජික හා වැලිගම නගර සභාවේ හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා හා විපක්ෂ විධායක කමිටුවේ සාමාජික මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අදාළ පෙත්සම ගොනුකර තිබේ.
අදාළ පනතෙහි මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පත් කිරීම සහ එහි සාමාජිකයින් පත්කිරීමට ජනාධිපතිවරයාට ඇති බලතල තුළ තවදුරටත් විධායකය අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට පෙළඹීම, අදාළ කොමිසමට අධිකරණයෙන් බැහැරව විමර්ශනය කිරීමට හා දඬුවම් කිරීමට බලතල ලබාදීම වැනි කරුණු මඟින් ජනතාව සතු මුලික අයිතීන් උල්ලංඝනය වන බැවින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සහ ජනමත විචාරණයකට යටත්ව සම්මත විය යුතු බව පෙත්සමෙන් පෙන්වා දී ඇත.
මේ අතර රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතෙහි ඇතැම් විධි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතාද පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබිණි.