මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ සංශෝධන කිහිපයක් කැබිනට් මණ්ඩලයට අද (12) හෝ මීළඟ කැබිනට් හමුවේදී ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා කියයි.
විවිධ පාර්ශ්වවල විරෝධතා සැලකිල්ලට ගනිමින් මේ තීරණය ගත් බව ඔහු කියා සිටී.
පසුගිය දිනවල මෙම පනතේ බොහෝ වගන්ති සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළු බොහෝ පාර්ශ්වව දැඩි විවේචන එල්ල කර තිබේ.