Connect with us

පුවත්

ඔන්ලයින් පනත ගැන කතා නායකගෙන් ජනතාවට නිවේදනයක්‍

Published

on

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත හෙවත් ඔන්ලයින් පනත පිළිබඳව ජනතාව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පටහැනිව සම්මත කර ඇති බවට දැනුවත්භාවයෙන් තොරව සහ පදනම් විරහිත ලෙස පළකර ඇති වාර්තා පිළිබඳව කථානායක කාර්යාලය විසින් මහජනතාවට කරනු ලබන පැහැදිලි කිරීමක් එහි දැක්වෙයි.

එම නිවේදනය පහතින්,

පුවත්

අක්මීමන වෙඩිතැබීමක්

Published

on

By

ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

අද (23) අලුයම 5ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මිලිමීටර් 09 වර්ගයේ ගිනිඅවියකින් නිවසකට වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැත.

අදාළ නිවස හිමි පුද්ගලයා මිදිගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වන අතර, ඔහු මීට දින කිහිපයකට පෙර එහි සේවකයෙකුගේ ගැටලුවක් හේතුවෙන් සේවයෙන් ඉවත් කර තිබේ.

අදාළ සේවකයා විසින් මීට පෙර ඔහුට දුරකථන ඇමතුම් ඔස්සේද තර්ජනය කර ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව, එම පුද්ගලයා විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලීසිය සැකපළ කරයි.

ගාල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණයට යටතේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

Continue Reading

පුවත්

දේශ­බන්දු අද පරී­ක්ෂණ කමි­ටුවට සාක්ෂි දෙයි

Published

on

By

පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා විසින් සිදු­කර ඇතැයි කියන විස­මා­චාර සහ සිය ධුරයේ බල­තල බර­ප­තළ අන්ද­මින් අනිසි ලෙස යොදා­ගැ­නීම සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­නය කර වාර්තා කිරී­මට පත් කළ පරී­ක්ෂණ කමි­ටුව හමුවේ වග­උ­ත්ත­ර­කාර දේශ­බන්දු තෙන්න­කෝන් මහතා අද (23) සාක්ෂි දීමට නිය­මි­තය.

පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා විසින් සිදු­කර ඇතැයි කියන විස­මා­චාර සහ සිය ධුරයේ බල­තල බර­ප­තළ අන්ද­මින් අනිසි ලෙස යොදා­ගැ­නීම සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­නය කර වාර්තා කිරී­මට පත් කළ පරී­ක්ෂණ කමි­ටුව අද (23) පෙර­වරු 9.30ට පාර්ලි­මේන්තු සංකී­ර්ණ­යේදී රැස්වී­මට නිය­මි­තය.

මෙම දින 03 තුළ වග­උ­ත්ත­ර­කාර පාර්ශ්වයේ සාක්ෂි­ක­රු­වන් 15 දෙනකු කමි­ටුව හමු­වට පැමි­ණී­මට නිය­මිත බව වග­උ­ත්ත­ර­කාර පොලි­ස්ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටින නීතිඥ සංජය වීර­වි­ක්‍රම මහතා කමි­ටු­වට දන්වා සිටි­යේය.

Continue Reading

පුවත්

ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දීමක්

Published

on

By

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45 සිට 50 දක්වා ඉහළ යා හැකියි.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ , හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved