Connect with us

පුවත්

ඔන්ලයින් වංචාවට 34ක් රිමාන්ඩ්

Published

on

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ නීතී විරෝධීව දේශීයව හා විදේශීයව රුපියල් කෝටි සිය ගණනක් ජනතා මුදල් වංචා කිරීමේ ජාවාරම මෙරට සිට මෙහෙය වූයේ යැයි කියන ශ්‍රී ලාංකිකයින් දෙදෙනා හා විදේශකයින් 34 දෙනා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (04) නියෝග කළේය.

ශ්‍රී ලාංකාව සයිබර් අපරාධකරුවන්ගේත් තිප්පොලක් හා ලාංකියින් සයිබර් වහලුන් බවට පත් කිරීමට උත්සාහ දරා දේශීයව හා විදේශීයව මුදල් වංචා කළේ යැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුරයේ ගවේෂ බණ්ඩාර නමැති 22 හැවිරිදි තරුණයකු,කොළඹ තරුණියක හා පාකිස්ථානය, ඉන්දියාව, බංගලාදේශය, ඉන්ඳුනීසියාව ,ඇල්ජීරියාව හා නේපාලය රටවල තරුණයින් 31ක් හා තරුණියන් 05 ක් ඇතුළු සැකකරුවන් 36ක් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සැකකාර විදේශිකයින් තිදෙනෙකු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කරන ලෙසද නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රශ්න කිරීමට රහස් පොලිසියට අවසර ලබා දුන්නේය.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved