පුවත්

ඔනේෂ් මැරූ ඔහුගේ බ්‍රසීල ජාතික බිරිය අල්ලන්න CIDය ඉන්ටර්පෝල් සහය ඉල්ලයි

Published

on

ඉන්දුනීසියාවේ ජකර්තා හී සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක කාමරයක් තුළදී මරා දැමුණු ඔපෙක්ස් හෝල්ඩිංග්ස් අධිපති කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ ඝාතනයට සම්බන්ධ ඔහුගේ බ්‍රසීල් ජාතික බිරිඳ සහ ඇගේ මිතුරිය අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගැනීම සම්බන්ධයෙන් නීතිමය අවකාශ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට සොයා බලමින් ඇත.

ඔනේෂ් සුබසිංහ ඝාතනය වන්නේ පසුගිය ජනවාරි මාසයේදී සිය බිරිඳත් දියණියත් බිරිඳගේ බ්‍රසීල ජාතික මිතුරියකුත් සමඟ ඉන්දුනීසියාවේ සංචාරයක නිරතව සිටියදීය.

මෙම සංචාරයේ නිරත වීමට පෙර බිරිඳත් ඇගේ මිතුරියත් ඔනේෂ් සුබසිංහ ඝාතනය කිරීමට මෙරට සිට සැලසුම් සකස්කර ඇති බවට තොරතුරු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගෙන ඇත.

ඔනේෂ් ගේ බිරිඳ ඉන්දුනීසියාවට යාමට සතියකට පමණ පෙර මීගමුවේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිට ඇති බවත් ඇය සමඟ ඇගේ මිතුරියද සිට ඇති බවත් අනාවරණය වී තිබේ.

එහිදී ඔවුන් දෙදෙනා විදේශීය ජාතිකයෙකු හමු වී ඇති බවත් එම විදේශීය ජාතිකයා බ්‍රසීලයේ සිට පැමිණි අයෙක් විය හැකි බවට සැකයක්ද ඇති වී තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

Trending

Exit mobile version