අද (26) අලුයම 2.30ට පමණ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් ත්‍රිරෝද රථයක් මතට පෙරළී අනතුරක් සිදුව තිබේ.
ඔරුගොඩවත්ත ආලෝක සංඥා පුවරුව අසලදී අවිස්සාවේල්ල දෙසින් පැමින ඉඟුරුකඩේ දෙසට හැරවූ ප්‍රයිම් මුවර් රථයක් බහාලුමත් සමග පෙරලීයෑමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් ත්‍රිරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා ඇති අතර, කොළඹ ගිනිනිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ඔහුව රෝහල් ගත කර ඇත.
ඡායා – Accident 1st