පුවත්

ඕමානයේ සිටි තවත් 15ක් ලංකාවට !

Published

on

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ” සුරක්ෂා” මැදුරෙහි (Safe House) රදවා තබා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 15 දෙනකු අද (15) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

ඕමානයේ සුරක්ෂා මැදුරෙහි දැනට ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 117 දෙනකු රදවා සිටින අතර, ඔවුන් අතරින් 17 දෙනකු ශ්‍රී ලංකාවට එවීම සදහා ඕමානයේ මස්කට් ගුවන් තොටුපළ වෙත භාර දී තිබිණි.

ඉන් ගෘහ සේවිකාවන් දෙදෙනකුගේ ලියකියවිලි වල පැවති අඩුපාඩු හේතුවෙන් ඔවුන් මස්කට් ගුවන් තොටුපළ විසින් ලංකාවට එවීම ප්‍රතික්ෂේප කර තිබුණි.

මෙම පිරිස භාර ගැනීම සදහා මෙම ගෘහ සේවිකාවන්ගේ දෙමාපිය නෑදෑ පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

මෙම සිදු වීම වාර්තා කිරීම සදහා මාධ්‍යවේදීන් කීප දෙනකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියද, ඔවුන්ට ඒ සදහා ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ලොබි ශාලාවේ ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කවුන්ටරය වෙත යෑමට ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා අවසර ලබා දී නොමැති බවද මේ අතර වාර්තා වේ.

Trending

Exit mobile version