නැවත ශ්‍රී ලංකාව බලා පැමිණීමේ අපේක්ෂාවෙන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නේවාසිකාගාරයේ රැඳී සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් මිය ගොස් තිබේ.
ඇය අසනීප තත්ත්වයෙන් පසුව ඇති අතර රොහල් ගත කර සිටියදී ඇය මෙසේ මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියා සිටී.
මෙසේ මියගොස් ඇත්තේ 67 හැවිරිදි දළදාගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.