පුවත්

ඕමාන් ආයෝජකයාගේ ආරක්ෂාව තහවුරු කරන්න වග බලාගන්නවා – ටිරාන්

Published

on

පසුගියදා කටාන ප්‍රදේශයේදී පිරිසකගේ ප්‍රහාරයකට ලක්වූ ඕමාන ජාතික කටාන ඇඟලුම්හල් ආයෝජක – කල්ෆාන් සෙයිඩ් ඔබේදාන් මහතාගේ ආරක්ෂාව සැලසීම වෙනුවෙන් අවශ්‍ය සියලු පියවර ගැනීමට උපදෙස් ජනාධිපතිවරයාගෙන් ලැබුණු බවත්, ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට වග බලාගන්නා බවටත් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා පොරොන්දු වී තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ ඔබේදාන් මහතා හා එම ඇඟලුම්හල් කළමනාකරණ නියෝජිත යසීර් ලහීර් යන මහත්වරු සමග අද (09) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය.තම ආරක්ෂාව තහවුරු කිරීම පිලිබඳව හා මෙම සිදුවීම කෙරෙහි මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීම පිළිබඳව සිය ස්තුතිය පුද කරන බව ඕමාන ජාතික ආයෝජකයා පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකාව හැර නොයන බව තීරණය අමාත්‍ය ටිරාන් අලස් මහතා සමග පැවති සාකච්ඡාවෙන් පසු තීරණය කලබව ආයෝජකයා අවධාරණය කළ බවත්ය.

තවද කිසිවිටකත් ශ්‍රීලංකාව හැර නොයන බවට සහතික වන බවත් මෙම ඇගලුම් කර්මාන්තශාලාව කටාන ප්‍රදේශයේම පවත්වාගෙන යනවාද නැතිනම් වෙනත් ප්‍රදේශයකට ගෙනයනවාද යන්න පිලිබදව තම පවුල සමග සකච්ඡා කර තීරණය කරන බවත් ආයෝජකයා ප්‍රකාශ කළ බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

Trending

Exit mobile version