Connect with us

පුවත්

ඕලුගේ ගෝලයෙක් SSP වෙස්ගෙන නිල් මැණිකක් කොල්ල කාලා!

Published

on

වවුනියාව දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් නිල් මැණික් ගලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නිළි මංජුලා කුමාරි පෙරේරාගේ (ඕලු ටෙලියේ ප්‍රධාන නිළි) නියෝජිතයෙකු පෙරේදා (22) රාත්‍රියේදී ලග්ගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ටෙලිනාට්‍ය කිහිපයක පොලිස් චරිත සඳහා පෙනී සිටින වාරියපොළ, මිනුවන්ගැටේ, ප්‍රදේශයේ පදිංචි එම්. ඩී. එම්. ගුණරත්න බණ්ඩාර නැමැති සහාය නළුවෙකු බව ලග්ගල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමේධ බණ්ඩාර මහතා සඳහන් කළේය.

පතලකින් වංචා කළ බව කියන නිල් මැණික් ගලක් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් ද මේ සමඟ පොලිස් භාරයට ගෙන ඇත.

ලග්ගල දේවාලදෙණිය ප්‍රදේශයේ කාන්තාවක් සමඟ ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය නිළියක වන මංජුලා කුමාරි පෙරේරා යන අය පතල් කැණීම් සඳහා ගිවිසුම් අත්සන්කොට ඇති අතර, ටෙලිනාට්‍ය නිළියගේ නියෝජිතයා ලෙස පතල බලා ගැනීම සඳහා මෙම පුද්ගලයා පැමිණ සිටි බවත් මාස ගණනාවක් තිස්සේ ප්‍රදේශයේ සියලු දෙනාට ඔහු වවුනියාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා බව පවසමින් හැසිරී ඇතැයි පැවසේ.

මෙම ප්‍රසිද්ධ නිළිය සමඟ ගිවිසුම් අත්සන්කොට පතල ක්‍රියාත්මක කළ කාන්තාව ලග්ගල පොලිසියට පැමිණිල්ලක් කරමින් කියා ඇත්තේ මෙම පුද්ගලයා පතලෙන් ලැබුණු නිල් මැණික් ගලක් වංචා සහගතව රැගෙන යෑමට උත්සාහ කරන බවත් එම පුද්ගලයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු බව කියමින් තමන්ට තර්ජනය කරන බවයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ලග්ගල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමේධ බණ්ඩාර මහතා පොලිස් කණ්ඩායමක් සමඟ දේවාලදෙණිය ප්‍රදේශයට ගොස් අදාළ සැකකරු මැණික් ගල සහ සුඛෝපභෝගී මෝටර් රථය පොලිස් භාරයට ගෙන තිබිණි.

සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ ටෙලි නාට්‍ය නිළියගේ සැමියා සමඟ ඇති හිතවත්කම් මත මෙම පතල බලාගැනීම සඳහා ඔහුට පවරා ඇති බවය.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා මීට පෙර පතලක ආරවුලක් මත පොලිසියට ගෙන්වා තිබුණු බවද එම අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයාට පවා තමා වවුනියාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා බව ප්‍රකාශ කරමින් පොලිසිය නොමඟ යැවූ බව ද පොලිසිය කියයි.

එමෙන්ම පුද්ගලයා ලග්ගල ප්‍රදේශයේ රථවාහන රාජකාරිවල නිරතව සිටින පොලිස් නිලධාරීන්ට තමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු බව පවසා රථවාහන වැරදිකරුවන් පවා නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියක් සිදු කරමින් සිටි බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් මෙම පුද්ගලයා ගැන තවදුරටත් පරීක්ෂණ පවත්වන අවස්ථාවේ දී හෙළි වී ඇත්තේ මෙම සැකකරු මීට පෙර පොලිස් නිලධාරියකු ලෙස ව්‍යාජව පෙනී සිට විවිධ අපරාධවලට සම්බන්ධව වාරියපොළ පොලිසියේ සහ කුරුණෑගල පොලිසියේ ඔහුට විරුද්ධව පැමිණිලි සහ අධිකරණවල නඩු ක්‍රියාත්මක වන බව ය.

මෙම පුද්ගලයා ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක වන මංජුලා කුමාරි මහත්මිය සමඟ ටෙලිනාට්‍ය කිහිපයකම පොලිස් නිලධාරියකුගේ චරිත රඟපා තිබෙන බව පොලිසිය කියයි.

ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය නිළියට සහ ඇයගේ සැමියාට අද (24) උදෑසන 9ට ලග්ගල පොලිසියේ පෙනී සිටින ලෙස දන්වා යවා තිබෙන බව ලග්ගල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමේධ බණ්ඩාර මහතා සඳහන් කළේය

අත්අඩංගුවට පත් සැකකරු, වාහනය, නිල් මැණික් ගල ලග්ගල පොලිසිය මඟින් නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (23) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමේධ බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

මේ පිළිබඳව ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නිළි මංජුලා කුමාරි මහත්මියගෙන් විමසීම සඳහා අවස්ථා ගණනාවක් අප උත්සාහ කළ ද ඇයගේ දුරකතනය විසන්ධි කොට තිබිණි.

මූලාශ්‍රය – දිනමිණ

Continue Reading

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved