පුවත්

ඖෂධවේදීන් නැතුව රෝහල් අඩ පණවෙලා

Published

on

ඖෂධවේදීන්ගේ හිඟය හේතුවෙන් ඇතැම් රෝහල් වල ඖෂධ නිකුත් කිරීමට දැඩි බාධා මතුව ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.

පර්යන්ත රෝහල්වල එය දැඩි ගැටලුවක් වී ඇති බව එහි සභාපති තුෂාර රණදේව මහතා සඳහන් කරයි.

පවතින ආර්ථික ප්‍රශ්න හමුවේ ඖෂධවේදීන් රැසක් විදෙස් රැකියා සඳහා යොමුවීම මෙම ගැටළුවට හේතු වී ඇත.

ඖෂධවේදී පුරප්පාඩු කඩිනමින් පියවීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා ඇත.

Trending

Exit mobile version