පුවත්

ඖෂධවේදීන් සංකේත වැඩ වර්ජනයක

Published

on

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද (16) පෙරවරු 08 සිට දිවයිනපුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් පිරිසකගේ හදිසි ස්ථාන මාරුවකට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා පැවසුවේය.

එම වැඩවර්ජනය හේතුවෙන් රජයේ රෝහල් රැසක ඖෂධ නිකුත් කිරීමේ කවුළු වසා දමා ඇති නමුත්, හදිසි ප්‍රතිකාර ක්‍රියාත්මක කරන රජයේ රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බවත් ඖෂධවේදීන් සංගමය පවසයි.

Trending

Exit mobile version