Connect with us

පුවත්

ඖෂධවේදී සංගමයේ සභාපතිට අනිවාර්ය නිවාඩු

Published

on

ඖෂධ නියාමන අධිකාරියේ රහස් තොරතුරු පිටස්තර පුද්ගලයන් වෙත ලබා දෙන බවට සැක කරමින් ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා දෙසැම්බර් 2 වන දා සිට අනිවාර්ය නිවාඩු යැවීමට අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම විසින් කටයුතු කර තිබේ.

ඊයේ (03) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා මේ බව පවසා සිටියෙය.

මේ අතර රණදේව මහතාගේ පෞද්ගලික ජංගම දුරකතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත්කර තිබෙන බව ඔහු සඳහන් කලේය.

මේ පිළිබඳව වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ එකාබද්ධ බලමණ්ඩලය සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියා කලාපය ගැන පාර්ලිමේන්තුවේදී ඊයේ (03) අදහස් දැක්වූ සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස රට තුළ බරපතළ ඖෂධ හිඟයක් පවතින අතර ඊට ප්‍රධාන හේතුව ඖෂධ නියාමන අධිකාරිය තුළ පවතින බරපතළ අකාර්යක්ෂමතාව බව ත් එය දැන් අපි නිවැරැදි කරගෙන යන බවත් පවසා සිටියේය.

ඇමතිවරයා සඳහන් කළේ ඖෂධ නියාමන අධිකාරිය නිසි ලෙස ඖෂධ ලියාපදිංචි කිරීම හා නැවත ලියාපදිංචිය කිරීම විශේෂයෙන් ම රජයේ රෝහල්වල හිඟ ඖෂධ ලියාපදිංචි කිරීම අකාර්යක්ෂමව සිදු කිරීමට මෙයට හේතුව බවය.

පුවත්

රුහුණු මහා කතරගම දේවාලයේ දෙවන පෙරහර අදයි

Published

on

By

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන පෙරහර අද රාත්‍රී 7.30ට යෙදෙන සුබ මොහොතින් වීථී සංචාරය කිරීමට නියමිතය.
 
පෙරහර මංගල්‍ය ලබන මස 10 වනදා දක්වා පැවැත්වෙන අතර, දිය කැපීමේ මංගල්‍ය ඊට පසුදින සිදු කිරීමට නියමිතය
 
පොලිස් මූලස්ථානය සඳහන් කළේ, බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රථ වාහන පාලන කටයුතු සදහා පොලිස් නිලධාරී 1050ක පිරිසක් යොදවා ඇති බවය.
 
මීට අමතරව පානම සිය යාල රක්ෂිතය හරහා පෙරහර මංගල්‍යයට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සහ සුභ සාධන කටයුතු සදහා ත්‍රිවිධ හමුදාවේ සහය ද ලබාදී තිබේ.

Continue Reading

පුවත්

උඩරට දුම්රිය ධාවනයට බාධා

Published

on

By

රඹුක්කන දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමට ලක්වීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය කටයුතු සඳහා බාධා එල්ලවී තිබේ.

කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ බලවේග කට්ටල දුම්රියක් මෙලෙස පීලි පැනීමට ලක්වී ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට සම්පූර්ණයෙන්ම බාධා එල්ලවී ඇති අතර බස් රථ යොදවා මගීන් ප්‍රවාහනය කිරීමේ කටයුතු සිදුකරන බවද දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු පැවසීය.

මේ වනවිට පීලි පැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර තිබුණ ද ඒ් සඳහා තවත් වේලාවක් ගතවෙනු ඇති බවද ඔහු සඳහන් කළේය. 

Continue Reading

පුවත්

අනුරාධපුර රෝහලේ  අසූචි මිශ්‍ර ජලය මල්වතු ඔයට!

Published

on

By

අනුරාධපුර ශික්ෂණ රෝහලේ එකතුවන රෝගීන්ගේ මල මූත්‍රා සහිත අපවිත්‍ර ජලය අවිධිමත්ව බැහැර කිරීම තුළින් ප්‍රදේශයේ සෞඛ්‍ය ගැටලු රැසක් උද්ගතවීමේ අවදානමක් මතුවී ඇති බව ප්‍රදේශවාසිහු පවසති.

ප්‍රදේශයේ ස්වාමින් වහන්සේ නමක් සඳහන් කළේ, රෝහලෙන් මුදාහැරෙන අපවිත්‍ර ජලය නගරයේ මධ්‍යම කානු පද්ධතිය හරහා අනුරාධපුර මල්වතු ඔයට එකතුවීමෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවය.

මෙම තත්ත්වය හමුවේ ස්වභා උයන ආශ්‍රිත ප්‍රදේශය තුළ දැඩි දුර්ගන්ධයක් පවතින බැවින් ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාවට ගැවසිය නොහැකි තත්ත්වයක් ද උද්ගතවී ඇත.

එසේම මෙම අපවිත්‍ර ජලය මල්වතු ඔයට එකතුවීමෙන් එහි දියනෑමේ නිරත ප්‍රදේශවාසින්ට මෙන්ම සංචාරකයින්ට ද සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බව ප්‍රදේශවාසින් පෙන්වා දෙයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මනුෂ්‍යත්වය සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අනුරාධපුර සෝමරතන හිමි පැවසුවේ මෙම ගැටලුව විසඳීමට වගකිවයුතු බලධාරින් කඩිනමින් කටයුතු නොකළහොත් නුදුරේදීම ප්‍රදේශය ආශ්‍රිතව සෞඛ්‍ය ගැටලු රැසක් ඇතිවිය හැකි බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved