පුවත්

ඖෂධ වර්ග රැසක් තවදුරටත් හිඟයි : ඇණවුම් කළ ඖෂධත් ප්‍රමාදයි

Published

on

ඉන්දීය ණය අධාර වැඩසටහන යටතේ ඇණවුම් කළ ඖෂධ තොගය මෙතෙක් දිවයිනට ගෙන්වා ගැනීමට ‍නොහැකි වූ බව, සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එහි ජ්‍යේෂ්ඨ නිලධාරි‍යෙකු සඳහන් කළේ, ඇමරිකානු ඩොලර් මිලියන 50ක වටිනාකමින් යුත් ඖෂධ වර්ග 1000කට අධික සංඛ්‍යාවක්, මෙමගින් දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කළ බවය.

එම කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් ඖෂධ වර්ග රැසක පවතින හිඟය මෙතෙක් මඟ හැරවිමට නොහැකි වූ බව ද අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ, ලෝක සෞඛ්‍ය සංවිධනයෙන් ද ඩොලර් මිලියන 4ක ඖෂධ හා උපකරණ මෙරටට ලැබීමට නියමිත බවයි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් පසුගිය දිනවල පෙන්වා දුන්නේ, උග්‍ර ඖෂධ හිඟය හමුවේ ප්‍රතිකාර සේවා බිඳ වැටි‍මේ දැඩි අවදානමක් මතුව ඇති බවයි.

Trending

Exit mobile version