පුවත්

ඖෂධ වර්ග 140ක හිඟයක්

Published

on

ඖෂධ වර්ග 140ක පමණ හිඟයක් මේ වනවිට රට තුළ මතුව ඇති බව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසයි.

මීට පෙර ඖෂධ හිඟය පැවතුණේ 350- 400 අතර ප්‍රමාණයක් වන නමුත්, තවමත් අභියෝගයක් පවතින බවයි ඔහු පවසයි.

ඔහු පෙන්වා දී තිබෙන්නේ තමන්ගේ වසර 32ක වෘත්තිය ජීවිතය තුළ ඖෂධ වර්ගවල හිඟතාවක් නොමැති කිසිම දිනයක් මුණගැසී නොමැති බවයි.
කෙසේ වෙතත්, සැපයුම්කරුවන්ගේ හිඟය ජාත්‍යන්තර සැපයුම් දාමවල ගැටලු ආදිය මෙම හිඟයට හේතු වී තිබෙන බවයි පැවසේ.

නිදසුනක් ලෙස මේ වන විට හෙපටයිටීස් බී එන්නතද පවතින බවත්, එම එන්නත ආනයනයට ලියාපදිංචි සැපයුම්කරුවන් පවා නොමැති බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

මෙලෙස ඇතැම් ඖෂධ සැපයුම්කරුවන්ගේ ප්‍රමිතියෙහි අඩුපාඩු නිසා ටෙන්ඩර් අවලංගු කර ඇති බවත්, ජාත්‍යන්තර සැපයුම් ජාලය ඖෂධ හිඟ තත්වයකදී අප වැනි කුඩා රටවල් අභිබවා ධනවත් රටවල්වලට ප්‍රමුඛතාව ලබා දී ඇති බවත් වෛද්‍යවරයා කියා සිටියේය.

මේ අතර, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ප්‍රධාන කළමණාකාර කේ එම් ඩී ආර් දිසානායක මහතා පවසන්නේ, මේ වන විට තමන් සතු තොග සම්පූර්ණ කර ගැනීමට සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවය.

කෙසේ වෙතත් ඇතැම් ඖෂධ වර්ගවලට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වූ සැපයුම්කරුවන් නොමැති බව ඔහු පවසයි.

Trending

Exit mobile version