ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට රජය තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (02) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මේ දිනවල රටේ පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟය හේතුවෙන් ඖෂධ හදිසි මිලදී ගැනීම් සිදු කරනු ලැබු අතර සෞඛ්‍ය වෘත්තීය සමිති හා වෙනත් සිවිල් සංවිධාන දිගින් දිගටම මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තිබුණි.