Connect with us

පුවත්

කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පැනගිහින්!

Published

on

කංජිපානි ඉම්රාන්’ හෙවත් මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් තමිල් නාඩු ප්‍රාන්තයේ රාමේස්වරම් වෙත පැන ගොස් ඇතැයි ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබේ.

 ඔහු දෙසැම්බර් 25 වැනිදා මුහුදු මාර්ගයෙන් රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ වෙත ගොස් ඇති බවත් තමිල් නාඩු බුද්ධි සේවා ඔහු ඇතුළු ඔහුගේ සගයින් සෙවීම සඳහා ප්‍රාන්ත පොලිසිය වෙත අවධානයෙන් පසුවන ලෙස අනතුරු අඟවා ඇති පවද එම පුවත්පතේ දක්වා ඇත.

පුද්ගලයන් ඝාතනය කිරීම හා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම් වැනි අපරාධ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රබල සාමාජිකයෙකු වූ ද පාතාල නායකයෙකු වූ ද කංජිපානි ඉම්රාන් දෙසැම්බර් 20 වැනිදා ඇප මත මුදාහැර තිබිණි.

කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකුට විමර්න කටයුත්තකදී දුරකතනයෙන් මරණීය තර්ජන කළේ යැයි කියන සිද්ධියකට අදාළව ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබු නඩුවකින් ද සැකකරු එලෙස රුපියල් ලක්ෂ 50 ක ශරීර ඇපයක් මත මුදා හැර තිබුණු අතර ඒ අනුව, සැකකරු සියලු නඩුවලින් ඇප මත මුදා හැර තිබිණි.

මිනීමැරුම් සහ සාපරාධී බිය ගැන්වීම් ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් අවශ්‍යව සිටි කංජිපානි ඉම්රාන් 2019 වසරේදී ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන දිවයිනට පිටුවහල් කරන ලදී.

පසුව ඇප මත මුදාහරින තෙක් ඔහු රක්ෂිත බන්ධානාගාරගතව සිටියේ ය.

‘ද හින්දු’ වාර්තා කර ඇත්තේ, ඇප මත මුදා හැරීමෙන් පසු ඔහු ඉන්දියාවට ඇතුළු වීමට සැලසුම් කර ඇති බවට බුද්ධි අංශවලින් සහ විශ්වාසදායක ආරංචි මාර්ගවලින් තමිල් නාඩු බුද්ධි අංශයට නිශ්චිත තොරතුරු ලැබී තිබුණු බව ය.

ඔහු ඇප ලබා අධිකරණයෙන් පිටව ගොස් තලෙයිමන්නාරමට ගොස් ඇති අතර එහිදී ඔහුගේ සගයන් ඔහුට ඉන්දියාවට පැන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිට ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කර ඇත.

කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පැන යාම පිළිබඳව ශ්‍රී ලංකාව විධිමත් ප්‍රතිචාරයක් දක්වා නොමැති වුව ද, බුද්ධි අංශ ඔහුගේ උත්සහය පිළිබඳව විශ්වසනීය තොරතුරු ලබාගෙන අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණු බව ‘ද හින්දු’ පෙන්වා දී තිබේ.

එම වාර්තා වැඩිදුරට ත් සඳහන් කරන්නේ, අපරාධ චෝදනාවලට ලක්ව සිටින විදේශීය ජාතිකයන් රඳවා සිටින තිරුචිහි විශේෂ කඳවුරේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳව ජාතික විමර්ශන ඒජන්සිය හෙළිදරව් කරන පසුබිමක ඔහු තමිල් නාඩුවට ඇතුළු වීම අවධානයට ලක් වන බව ය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved