තමන්ට බලය පැවරෙන්නේ නම් කංජිපානි ඉම්රාන් ලංකාවට රැගෙන ඒමේ හැකියාව තමන්ට ඇති බව මේ වන විට ප්‍රංශයේ රැඳි සිටින හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා පවසයි.
කලක් කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ දුමින්ද ජයතිලක මහතා මේ වන විට මරණ තර්ජන ඇති බව පවසමින් විදේශගතව සිටින අතර ඔහු ප්‍රංශයේ ජීවත් වෙයි.
ඔහු පවසන්නේ තමන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ උපන්දින සාදයට එක්වූ බවට සමාජ මාධය ඔස්සේ අසත්‍ය ප්‍රචාර යවා ඇති බවත් තමන්ට පාතාල සාමාජිකයන් සමග සම්බන්ධතාවක් නොමැති බවත් එසේ සම්බන්ධතාවක් පවත්වාගැනීමට අවශ්‍යතාවක්ද නොමැති බවය.
එමෙන්ම තමන් අදටත් ජාත්‍යන්තර පොලිසියේ සාමාජිකයෙක් බවත් ලංකාවේ පාතාල මර්දනය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් සුවිසේශි රැකියාක් කළ අයෙකු බවත් කංජපානි ඉම්රාන් ප්‍රංශයේ ජීවත් වන්නේ නම් ඔහුව ලංකාවට රැගෙන ඒමට තමන්ට හැකි බවයි ඔහු පවසයි.
ඊට අවශ්‍ය බලය තමාට පැවරෙන්නේ නම් තමන් එය සිදුකරන බවත් ඔහු පවසයි.
තවද කංජිපානි ලංකාවට රැගෙන ආ පමණින් පාතාලය හෝ කුඩු ජාවාරම නතර නොවන නමුත් ලංකාවට අවශ්‍ය නම් තමාගේ කොටස ඉටු කිරීමට තමන් පැකිලෙන්නේ නැති බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබේ.