පුවත්

කච්චතිව් මුහුදේ බෝට්ටු අනතුරක්

Published

on

කච්චතිව් මුහුදු ප්‍රදේශයේ ඉන්දීය ධීවර බෝට්ටුවක් අනතුරකට ලක්වීමෙන් ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් අනතුර සිදුව ඇති බවය.

එහිදි එම බෝට්ටුවේ සිටි ධීවරයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් අතුරුදන්ව තිබේ.

අතුරුදන් වූ ඉන්දීය ධීවරයින් සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

Trending

Exit mobile version