Connect with us

පුවත්

“කට්ටිය මුට්ටි ඇල්ලුවට රනිල් දන්නවා තමන් පරදින බව” (වීඩියෝ)

Published

on

ඉදිරි ජනාධිපතිවරණයේදී තම පරාජය පිළිබඳව ජනාධිපති රනිල් ඉතා හොඳින්ම දන්නා බවත් මේ අවස්ථාවේ ජනපති හිතවාදී කණ්ඩායම මුට්ටි අල්ලමින් සිටින බවත් අභිනව නිවහල් තරුණ පෙරමුණේ සභාපති මාධ්‍යවේදී ඒ.එම්.ඒ.ජී අධිකාරි මහතා පවසයි.

“රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ජයග්‍රහණය කරනවා කියන එක විස්වාසයක් තියෙනවා නම් ඔහු මේ වෙලාවේ මේ හදිසි පනත් පාර්ලිමේන්තුවට ගේන්නේ නෑ.රංගෙ බණ්ඩාර, ආශු මාරසිංහ, සමන් රත්නප්‍රිය, රුවන් විජේවර්ධන මේ ඔක්කොම ජනාධිපතිවරයාට පිනට ලැබුණු, ජනමතයෙන් තොරව පිනට ලැබුණු ජනාධිපති පදවියේ වරදාන වරප්‍රසාද ලබන ගමන් ඒ වරදාන තවදුරටත් තියාගන්න තමා මේ විවිධ මුට්ටි දාන්නේ…

IMFට, ඇමරිකාවට රනිල් වික්‍රමසිංහ දිනනවා කියන එක ශුවර් නම් මේ වෙලාවේ මේ හදිසි පනත් පාර්ලිමේන්තුවට ගේන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ ඉතා පැහැදිලිව දන්නවා ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුට පැරදිලා ගෙදර යන්න වෙනවා කියන එක”

වීඩියෝ (Lankan People – FB Page)

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved