පුවත්

කටුගස්තොට – මහනුවර මාර්ගයේ මහයියාව ප්‍රදේශය ජලයෙන් යටවෙයි!

Published

on

කටුගස්තොට – මහනුවර මාර්ගයේ මහයියාවේ බිම්ගෙය අසල සිට කීල්ස් සුපිරි වෙළඳසැල දක්වා ප්‍රදේශය ඊයේ (24) රාත්‍රියේ සිට ඇද හැලෙන මහා වර්ෂාව නිසා ජලයෙන් යටවී තිබේ.

මහනුවර යාපනය A9 මාර්ගයේ මහනුවර මහයියාවේ සිට වට්ටාරතැන්න දක්වා දිවෙන ඇළ මාර්ගය වැසීයන ලෙස එය මතින් කොන්ක්‍රීට් යොදා වසාදැමීම හා ප්‍රමිතායෙන් තොර හා අනවසර ඉදිකිරීමේ හේතුවෙන් මේ තත්ත්වය ඇතිව ඇති බවට ප්‍රදේශවාසීහු මහනුවර නගර සභාවට චොදනා කරති.

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහද් දක්වමින් මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා පවසා ඇත්තේ වහාම මේ ගැන පරීක්ෂණයක් සිදුකරන බවයි.

ඇළ සම්පූර්ණයෙන්ම වැසීයන ලෙස කොන්ක්‍රීට් යොදා ඇති අයුරු.නිල් පාටින් දක්වා ඇත්තේ ඇළ මාර්ගයයි.

ඇළ කට කුඩා කර ඒමතින් කොන්ක්‍රීට් යොදා ඇති අයුරු . මෙය සිදුකරඇත්තේ රජය්යේම ආයතනයක්වන පලාත් සභා ගොඩනැගිල්ල ආශ්‍රිතව යි.

Trending

Exit mobile version