ශ්‍රී ලංකාවට ඊයේ රාත්‍රී පැමිණි ඉහළ ඇමෙරිකානු රාජතාන්ත්‍රිකයන් පිරිස අද දහවල් ඔවුන් පැමිණි ගුවන් යානාවලින් පිටත්ව ගොස් තිබේ.
මෙම පිරිස ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් C – 17A වර්ගයේ ගුවන් යානා දෙකෙන් මෙසේ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.
මෙම පිරිස දැඩි ආරක්ෂක රැකවල් යටතේ වාහන පෙළකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව උසස් පොලිස් නිලධාරීවරයෙක් පැවසීය.
ඊට පැය 03 කට පමණ පෙර, මෙම ගුවන් යානා වෙත පැටවීම සදහා පෙර ගමන් රථ (Radio Car ) සහ දැඩි ආරක්ෂක රැකවල් සහිතව ලොරි රථයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
(අද)
සබැඳි පුවත් :
ඇමෙරිකාවේ රාජතාන්ත්‍රික නිලධාරියකු ඇතුළු 20 ක් අද කටුනායකට ඇවිත්