පසුගිය අගෝස්තු මාසයේදී හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ ඇති වූ ගින්නෙන් විනාශ වූ ගබඩාවේ යළි දුමාරයක් පැතීරි යන බව වාර්තා වේ.
මෙය, ක්ලෝරීන් කැට ඇතුළු රසායනික ද්‍රව්‍ය තැන්පත් කර තිබූ ගබඩාවකි.
ඊයේ රාත්‍රියේ සිට ඉන් යළි දුමාරයක් නිකුත් වන බවට ලැබුණු තොරතුරකට අනුව ගිනි නිවීම් සේවා නිලධාරීන් එම ස්ථානයට කැඳවා තිබුණු අතර, පොලීසිය සඳහන් කළේ , මේ වනවිට අදාළ ස්ථානය පරික්ෂාවට ලක් කෙරෙන බවයි.