පුවත්

කඩල කියා කෝටි 3ක උඳු පිටි ගෙනල්ලා

Published

on

කොළඹ වරාය රේගුවට කඩල ( Chick Peas ) ලෙස ප්‍රකාශ කරමින් නීතිවිරෝධීව මෙරටට ආනයනය කර තිබූ රුපියල් තුන් කෝටි දස ලක්ෂයක් පමණ වටිනා උඳු තොගයක් රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඔරුගොඩවත්ත බහාලුම් පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවැසීය .

මෙම උඳු අඩංගු අඩි 20ක් දිගැති බහාලුම කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු විසින් පසුගියදා (26) දින ඉන්දියාවේ චෙන්නායි සිට කොළඹ වරායට ගෙන්වා තිබුණි.

මෙම බහාලුමේ දොර අසල කඩල කිලෝ ග්‍රෑම් 30 බැගින් වූ ගෝනි 228ක් අසුරා තිබුණ අතර, මෙම බහාලුම විවෘත කර පරීක්ෂා කරන රේගු නිලධාරීන්ට මතුවූ සැකයක් මත බහාලුම තවදුරටත් පරීක්ෂා කිරීමේ දී , කඩල ලෙස සඳහන් කර තිබූ උඳු අඩංගු කිලෝ ග්‍රෑම් 30 බැගින් වූ ගෝනි 574ක් තිබී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

එහි රුපියල් තුන් කෝටි දස ලක්ෂයක් වටිනා උළුඳු කිලෝ ග්‍රෑම් 17,200ක් තිබුණි.

මෙම බහාලුම මේ ආකාරයෙන් වරායෙන් නිදහස් කර ගෙන ගියේ නම් ශ්‍රී ලංකාවට රුපියල් ලක්ෂ 52ක බදු ආදායමක් අහිමි වන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා රේගුව මෙම ආනයනකරු කැඳවා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ .

Trending

Exit mobile version