දැනට නවතා තිබෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මිරීගම සම්බන්ධ වන කොටසේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇකැයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පව සා සිටියේ මේ වන විටත් ඊට අදාළ ටෙන්ඩර් කැඳවා ඇති බවයි.
මේ අතර, චීන හෝ දේශීය කොන්ත්‍රාත්කරුවෙක් විසින් නුදුරු අනාගතයේදී මධ්‍යම අධිවේගී මාර්ගයේ ප්‍රධාන කොටසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.